( පුෂ්පකුමාර ජයරත්න )
මේ රටේ වෘත්තිකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා බදු මුදලට වඩා වැඩි ආදායමක් රටට අහිමි කර ඇති බැඳුම්කර වංචාවෙන් සහ සීනි බදු වංචාවෙන් රජයට ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් චමින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාජිකයන් රජයට බාර දීම සඳහා දීප ව්‍යාප්තව අත්සන් කරනු ලබන පෙත්සමට කුරුණෑගලදී අත්සන් ලබා ගැනීම සිදු කළ අවස්ථාවේදී ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාජිකයෝ විශාල පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබූහ. කුරුණෑගල රජපිහිල්ල පාරේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල භූමියේදී මෙම අත්සන් ලබා ගැනීම සිදු කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.