
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ සේවකයන් නව ක්‍රමයට අකමැති නම් වන්දි ගෙන ඉවත්ව යාහැකි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය.
විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්වය පිලිබඳව පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.
විදුලිබල මණ්ඩලය ජනන, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති පරිපාලනය ලෙස ප්‍රධාන ආයතන හතරකට වෙන්කර ඇති බවත් එම මණ්ඩලය ආයතන හතරකට කැඩුන ද අයිතිය රජයට ඇති බවත් ඒ මහතා පැවසීය.
එම මණ්ඩලයේ සේවකයන් එම ආයතනවලට බඳවාගන්නා බව සේවකයන්ට දැනුම්දීමක් කර ඇති බව කී අමාත්‍යවරයා එයට අකමැති කට්ටියට සේවයෙන් ඉවත්ව යෑමේ අවස්ථාව ඇති බව ද සඳහන් කළේය.
එසේ ඔවුන්ගේ කැමැත්තෙන් සේවයෙන් ඉවත් වන සේවකයන්ට කිසිඳු බේදයකින් තොරව උපරිම රුපියල් ලක්‍ෂ 50 ක් දක්වා වූ වන්දියක් ඉල්ලුම් කර හිමිකරගැනීමේ අවස්ථාව ඇති බවත් විදුලිබල මණ්ඩලය පැවැති ආකාරයටම පැවතියේ නම් අගෝස්තු 17 වැනිදාන් පසුව සේවකයන් 12,000 ක් ගෙදර යැවීමට තීරණය කර තිබූ බවත් ඒ මහතා කීය.
සියලුම වෘත්තීය සමිති මෙම මස 2 වැනිදා කැඳවා ප්‍රශ්නවලට පිළිතුරු දුන් ද එම සාකච්ඡාවෙන් පසුව 3 වැනිදා අලුත්ව ඉල්ලීම් ටිකක් ඉදිරිපත් කර ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙළට බාධා කිරීමට යැයි සැක සිතන ප්‍රායෝගික නොවන ඉල්ලීම් ඒවායේ ඇතුළත් බව ද සඳහන් කළේය.
ඒ අතර විදුලිබල මණ්ඩලය වහන්න වන තරමේ වන්දියක් ඇතුළුව ප්‍රායෝගික නොවන ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව ඇති බව ද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයයකොඩි මහතා වැඩි දුරටත් පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1903
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි සේවකයන්ට වන්දි අරගෙන යන්න පුළුවන්
Sam Monday, 15 September 2025 09:51 PM
කොහොම උනත් මේකට නම් ගෞරව කරනවා , සර්
Asanga Tuesday, 16 September 2025 09:46 AM
රන්ජන් ඔබ කොහිද? කලකින් දැක්කේ නෑනේ... දැන් ට්‍රැක් එකට වැටිලද?
S kumara Tuesday, 16 September 2025 11:00 AM
පුදුම කාලකන්නි ඉන්නේ CEB එකේ
fairoos Tuesday, 16 September 2025 11:33 AM
ඉතාම හොඳයි .හොරු ටික පන්නලා අලුත් අය පත්කරමු
ගමගේ Tuesday, 16 September 2025 12:57 PM
අන්න හරි බැරි අය යන්න කෙඳිරි ගාන්නේ නැතිව... මේ වගේ අය නිසා රටකට ඉදිරියට යන්න බෑ...