IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම  අක්‍රීය වීම නිසා අද (20) දිනට සිදුකිරීමට නියමිත ශෛල්‍ය කර්ම සියල්ලම කල්දැමූ බව ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.

මෙම රෝහලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ කාන්තා හා පිරිමි වාට්ටු පිහිටා ඇති අතර මෙම වාට්ටුවලට ඇතුලත් කරන රෝගින් මෙන්ම නියමිත ශෛල්‍යකර්ම සඳහා යොමුකරන රෝගින්ද එහා මෙහා රැගෙන යන්නේ මෙම විදුලි සෝපාන යන්ත්‍ර උපයෝගී කරගෙනය.

එහෙත් ඊයේ රාත්‍රි හිටිහැටියේ මෙම සෝපාන යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතවීම නිසා රෝගීන් එහා මෙහා ගෙනයාම අපහසුවී තිබේ.

විශේෂයෙන් ශෛල්‍යකර්ම සඳහා ශෛල්‍යගාරයට රැගෙන යන රෝගීන් සිහිනැතිකිරීමෙන් පසු එහා මෙහා රැගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

මේ නිසා අද දින සිදුකිරීමට නියමිතව තිබූ සියලුම ශෛල්‍යකර්ම කල් තැබූ බව රෝහල් අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳව අදාළ විදුලි සෝපාන සමාගමට දැනුම් දී ඇති අතර ඔවුන් ඉතා ඉක්මනින් මෙම යන්ත්‍ර දෙක යථා තත්ත්වයට පත්කර දෙනු ඇතැයි විශ්වාස කරන බවද වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මෙම විදුලි සෝපාන යන්ත්‍ර දෙකේ නඩත්තු කටයුතු මෙතෙක් කිසිදු අඩුවකින් තොරව එම සමාගම සිදුකරගෙන ආ බවද රෝහල් අධිකාරිවරයා පැවසීය.



අදහස් (1)

විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි

Chathuranga Tuesday, 20 June 2023 10:17 AM

අදාළ සමාගමෙන් වෛද්‍ය අධිකාරිතුමාට හරියටම පංගුව ලැබෙනවා වගේ.කලට වෙලාවට හරියටම නඩත්තු කෙරුව නම් කැඩෙන්න විදියක් නෑ....විදුලි සෝපානය හදන ඉවරවෙනකම් මිනිස්සුන්ගෙ ලෙඩ ඉවසන් ඉන්නෙ නෑ කියල තේරුම් ගන්න පොඩි හරි මොළේකුත් තිබ්බ නම් වටිනවා.මේ වගේ වගකීම් විරහිත ආයතන සහ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site