IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි බිල සංශෝධනයෙන් ලක්ෂ 17කට වාසි

(අංජුල මහික වීරරත්න)

මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන මුල් ඒකක කාණ්ඩයත් හෝටල් ක්ෂේත්‍රයේත් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි ඒකකයක මිල අඩුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

විදුලි බිල සංශෝධනය ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී මෙම කාණ්ඩ දෙකෙහි මිල අඩුවීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන කාණ්ඩයට ලක්ෂ 17 ක පමණ පිරිසක් ඇතුලත්ව ඇති අතර විදුලි බිල වැඩි කිරීමත් සමඟ විදුලිය භාවිතා කිරීමද යම් ප්‍රමාණයකින් පහල ගොස් ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙලිව තිබේ.

ඩොලරයේ අගය පහත වැටීම හා ඉන්ධන හා ගල් අගුරු ආනයනයේදී වැය වන පිරිවැය අඩුවීම යන කාරණා පදනම් කර ගනිමින් මෙලෙස විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීන්දු කර ඇත.

හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිලට 40% ක පමණ සහනයක් හිමිවනු ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

විදුලි බිල සංශෝධනයෙන් ලක්ෂ 17කට වාසි

චිංචිං නෝනා Saturday, 20 May 2023 04:48 PM

ඒකත් ඇති හැකි අයට හා සමෘධි බුදින පිරිසට විතරයි. සැමට සාධාරණයක් සිදුවෙන චීනාට ගැති නොමැති පාලකයෙක් බිහිවේවා..!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site