IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවයක් කරයි

(අංජුල මහික වීරරත්න)

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලි බලය සාමාන්‍ය ජනතා ජීවිතය  පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අවහිර බාධා එල්ලවීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපති අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 



අදහස් (6)

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවයක් කරයි

අරවින්ද මොණරවිල Monday, 22 September 2025 09:17 AM

ඒක හොඳයි නයා උනත් වැඩක් නැහැ පෙනේ පෙනේ පුපපන්නේ නැත්නම්, එහෙම උනාම තමයි ගැහැණු දරමිටිය බදින්න ගන්න හදන්නේ !

:       95       25

ගුණරත්නMonday, 22 September 2025 02:18 PM

ඒක තමා, ගිය ආණ්ඩු පෙනේ පුප්පනකොට මෙන්නෝ රාජ්‍ය මර්දනේ කියලා අඬාගෙන ලෝකේ වටේ ගිය අයම ඒවා කරනකොට ටිකක් විතර හිරිකිතයි...

:       8       85

Wanniarachchi Monday, 22 September 2025 10:06 AM

රටේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා කලයුතු වැඩක්. හැබැයි මේක සීයා කරන කොට ජෙපි මල්ලිලා පොලවේ පස් කෑවේ නැති එක විතරයි.

:       10       82

Chandana Monday, 22 September 2025 10:08 AM

ඔව්, මුන් හදන්නේ ආණ්ඩු පෙරළන්න. ඒව සුම්මා. ආපහු හොරකම් කරන්න, පිලිවෙලට වැඩ කරන්න දෙන්නේම නෑ.

:       66       17

කපුරුහාමි Monday, 22 September 2025 03:56 PM

විදුලි බල මණ්ඩලයේ උන් කවදත් උද්ගෝෂණ ,වර්ජන කරන්ඩමයි බලන්නේ? ඔහොම කරන කොට රටට සුගතියක් වෙයිද ? මානුසිකව හිතලා වැඩකිරීම කොයිතරම් අගේ ද?

:       23       5

Nandalal DE SILVA - France Tuesday, 23 September 2025 10:40 PM

රටගැන, ජනතාව ගැන හිතා බලා AKD මාළිමා රජය, ගග හත් ගව්වක් කියා අමුඩය ගැසීම ගැන ජනතාව රජයට කෘතඥතාවය පිරිනමනවා... අවම වශයෙන් මෙමගින් ජනතාවට ඉටිපන්දම් එළියෙන් සිය වැඩ කටයුතු කර ගැනීමට අවශ්‍ය නොවනු ඇත !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site