(ඩයනා උදයංගනී)
විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු වැඩිකිරීමට කිසිඳු බලයක් නැතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමෙන්ම අතීතයට බලපාන අයුරින් විදුලිබල වැඩි කළ නොහැකි බවත්, මෙහි සම්පූර්ණ බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබිල වැඩිකිරීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව ද සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වන සේනාංක මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවගේ පිට මත විශාල බදු බරක් පටවා ඇති මේ මොහොතක විදුලිබිලත් පැටෙව්වොත් ඔවුන්ගේ කොන්ද කැඩී යා හැකි බවත්, ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන මෙයට එරෙහිව නැගී සිටින්නැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික මහතා පැවසීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව ද බිඳවැටුණේ විදුලි අර්බුදයක් නිසා බව කී එවැනි තත්වයක් ඇතිකර නොගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විදුලි බිල වැඩි කළ හැටි වැරදී
gunda Tuesday, 10 January 2023 11:38 PM
පාඨලිත් මන්ත්‍රීවරයෙක්. ලයිට් බිල් වැඩි කරනවට විරුද්ධව මහජනතාව වෙනුවෙන් අධිකරණයට යන්නට හා එමගින් මහජනයාට සාධාරණත්වයක් ලබා දෙන්න ඔහුට පුළුවන් විය යුතුය.
Bamunuarachchi Wednesday, 11 January 2023 12:05 PM
හරියට වැඩි කරන්න කියාදෙන්න