IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දෙන්න නොවේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විදුලි ගාස්තු වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දීමට නොවන බවවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු කිරීමට කටයුතු කරන බවද ඔහු  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන  සේවා  පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

අවුරුද්දක් තිස්සේ තිබුණු විදුලි කප්පාදුව  නතර කළා. අපිට අමතර මුදල් සහනාධාර වශයෙන් දෙන්නෙ නැහැ. වියදමට සරිලන ආදායමක් ලබා ගත යුතුයි. ගාස්තු සංශෝධනය දුන්නට පස්සේ අපිට ණය ගන්න පුළුවන් වුණා. ප්‍රධාන බැංකු  අවශ්‍ය මුදල් ටික ලබා දුන්නා. ඒ අනුව දැවි තෙල් ටික මිලදී ගත්තා. මේ රටේ අඛණ්ඩව විදුලිය දෙන්න බැරිනම් සමහරු කැමතියි. ඉංජිනේරු සංගමය බෝනස් ඉල්ලනවා. අතිකාල දීමනා ඉල්ලනවා.එහෙම දුන්නෙ නැති වුණාම  පාරට බහිනවා  කියනවා. විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට ප්‍රසාද දීමනා, වරප්‍රසාද දුන්න නොවෙයි. අපේ වියදම පියවා ගන්න. මණ්ඩලයේ පාඩුව ජනතාව මත පටවන්න බැහැ.



අදහස් (9)

විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දෙන්න නොවේ

CHANDIMA Thursday, 23 February 2023 11:55 AM

එහෙනම් ඔහෙලට බුරියානි කන්නද?නැතිනම් ලාභ ආයතනයක් කියලා පෙන්නලා ගානකට විකුනලා කුට්ටියක් ගෙදර අරන් යන්නද ?

:       16       13

mahesh perera Thursday, 23 February 2023 11:57 AM

උඹලා ඔක්කොම එකයි බලාගෙන යද්දී .දැන් ඩොලර් ප්‍රශ්න නැද්ද .උඹලා වින්දවලා මැරෙන්න ඕනේ උසස්පෙළ ළමයින්ව කළුවරේ තිබ්බට

:       15       14

sena Thursday, 23 February 2023 12:18 PM

එක කරේ ඔයාලාට හොරා කන්න කියලා අපි දන්නවා.

:       7       13

oshara Thursday, 23 February 2023 12:19 PM

ඔව් ඔව් අපි දන්නවා, ඒ කලේ උඹල ඒ කරගත්තේ උඹලගේ වල කපාගත්තු එක තව ටිකක් ගැඹුරට

:       7       13

fairoos Thursday, 23 February 2023 12:59 PM

මෙ කාලකන්නි ආන්ඩුව කරන්නෙම බොරු තමයි..තොලොන්චිවෙලාම යන්ඩ ඔන

:       1       5

i-watch Thursday, 23 February 2023 01:42 PM

ඔව් අපි දන්නවා. පාඩු ලබන ආයතනයක් වික්කාට කොමිස් එක අඩු නිසා...

:       3       8

mp Thursday, 23 February 2023 01:42 PM

අප්පුච්චාට වෙච්චි දේම තමයි මෙයාට වෙන්නෙත්...

:       4       8

Ruwan R Thursday, 23 February 2023 01:43 PM

දැන්නම් මේ මූන දකින්නත් අප්පිරියයි...

:       4       6

martin Thursday, 23 February 2023 01:45 PM

ඉස්සර වගේ නොවෙයි, ජනතාව දේශපාලනයෙන් හොඳ දැනුවත්, ඔයගොල්ලන්ගේ තාත්තගේ කාලේ තමයි මිනිස්සුන්ට බොරු කිව්වාම පිළිගන්නේ.... ඒවාට තමයි ඔය දේශපාලකයින්ට යන එනමං නැතිවුණේ, අපිට නම් තේරෙන හැටියට මේ එන්නේ ලංකා විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩලා විකුණන්න. හොඳ ලාභ නැතුව කොම්පැනි කාරයින් ඕවා ගන්නේ නෑ. ඒකයි ලයිට් බිල වැඩිකළේ, ඒවාට නම් වැහි නැති... තමයි.

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site