IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විදුලි බිල වැඩි කළොත් වතුර බිලත් වැඩි කරනවා

(සුජිත් හේවාජුලිගේ )

විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  ජල සම්පාදන මණ්ඩලයට පාඩු  පිට ගමන් කළ නොහැකි බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ  වැඩි කර නැතැයි ජල සම්පත් මණ්ඩලය පවසයි.



අදහස් (15)

විදුලි බිල වැඩි කළොත් වතුර බිලත් වැඩි කරනවා

කපිල වසන්ත Wednesday, 23 March 2022 11:26 AM

හරියට පාඩුයි කියන්නේ අපිට ණයට දීලා වගේනේ... ලොකු ලොකු හිඟ බිල් අයකර ගත්තා නම් නරකයිද?

:       0       5

Jagath Wednesday, 23 March 2022 12:00 PM

මේ රාජ්‍ය ඇමතිධුර කියන ගොබ්බ, මෝඩ තනතුර වහාම අහෝසි කළ යුතුයි. මොකද පොහොට්ටු ආණ්ඩුවේ මේ තනතුරු දරන ඔක්කෝමලා මහා මෝඩයින් ටිකක්...!

:       0       2

තිලක් Wednesday, 23 March 2022 12:07 PM

මේ අයට තියෙන්නේ වැඩිකරන තරගයක්... කාලකණ්ණි...

:       0       7

Bamunuarachchi Wednesday, 23 March 2022 12:22 PM

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එකතුවෙලා මේ අයට ගහලා එලවන්න කාලය ඇවිල්ලා.

:       0       8

nimalka Wednesday, 23 March 2022 12:30 PM

සාමාන්‍ය පෙළ විද්‍යාව අසමත් නේද..?

:       0       6

Rexi Wednesday, 23 March 2022 02:19 PM

ඉතින් වැඩි කරන්න..., අඩුකරන්න දන්නේ ඔක්සිජන් විතරනේ... අපේ බදුමුදල්වලින් ලයිට්, වතුර බිල් කෝටි ගණන් වැඩකට නැති 226 වෙනුවෙන් අපි ගෙවනවනේ... ඉතින් ඔහෙලට අමාරුව දැනෙන්නේ නැහැනේ...

:       0       7

Deepal Nirosh Wednesday, 23 March 2022 02:48 PM

නැතුව නැතුව, ගහෙන් වැටුණු මිනිහාට නො ඇන්නොත් ඌ ගොනෙක් නෙවෙයිනේ...

:       0       11

බද්රානි Wednesday, 23 March 2022 02:48 PM

ආයේ අමුතුවෙන් වතුර බිල් වැඩි කරන්න දෙයක් නැහැ. ඉතාම මෑතකදීම නුඹලාට වතුරත් නැතිව යනවා. ඔක්සිජනුත් නැතිව බොන්න තමයි වෙන්නේ හුණුගල් මිශ්‍ර මඩ වතුර!!

:       0       11

Malika Wednesday, 23 March 2022 02:51 PM

ඉස්සෙල්ලාම ඇමැතිලා, මන්ත්‍රිලා ටිකගේ ජල/විදුලි බිල්පත් ටික අයකරගෙන ඉන්නකෝ...!

:       0       11

Mahesh Wednesday, 23 March 2022 03:21 PM

ගෙදරින් ගෙනාපු වතුරද එහෙම වැඩි කරන්නේ? වතුර බිල වැඩි කරන්න කට ඇරගෙන බලාගෙන ඉන්නේ නැතිව.., විදුලි බිල වැඩි නොකරන්න ක්‍රම හොයන එකයි කරන්න ඕනේ...

:       0       10

Sunil Wednesday, 23 March 2022 03:38 PM

විදුලි බල මණ්ඩලයයි, ජල සම්පාදනයයි එකිනෙකාගේ පිට කසාගන්න රජ මිතුරො වගේ පෙනෙන්නේ...

:       0       6

අගුපිලගේ Wednesday, 23 March 2022 03:58 PM

මුන්දැ හිතනවා ඇති මම විතරක් වැඩි නොකළොත් මාව නෝන්ඩි වෙන්න පුළුවන් කියලා... ඔක්කොමලා වැඩිකළාම නොකර සිටි මට ඊළඟ මැතිවරණය පරාජයට පත්වෙන්නත් හැකිය කියලා වැඩිකරනවා වෙන්න හැකියි... රටට වැඩක් නැතත් පාර්ලිමේන්තුවේ ඉන්න බව ප්‍රදර්ශනය කරන්න ඕනෑනේ...!

:       0       7

fairoos Wednesday, 23 March 2022 06:35 PM

යහපාලන ආණ්ඩුවට වඩා කොච්චර හොඳද නේද මේ ආණ්ඩුව?

:       0       6

Kumara Wednesday, 23 March 2022 10:29 PM

මේ අයට මොනවා කියන්නද?

:       0       1

Nandana Thursday, 24 March 2022 05:57 PM

අම්බලමේ පිනා... කොහොම කිව්වත් ගොනා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site