IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි බිල වැඩි කළාට එරෙහිව ජනකගෙන් පෙත්සමක්

 

(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)

අත්තනෝමතික මෙන්ම නීතීයට පටහැනි අන්දමට විදුලි ගාස්තු වැඩි කිරීමටට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන උපයෝගිතා කොමිමේ සමාජිකයින් ඇතු`ථ පිරිසක් නම් කොට ඇත.

බාලේන්ද්‍ර නීතීඥ සමාගම මාර්ගයෙන් මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ විදුලි ගාස්තු ඉහළ දැමීම ස`ඳහා පසුගිය ජනවාරී මස 05 වැනිදා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිමෙන් අවසර පැතූ බව සඳහන් කොට ඇත.

විදුලි ගාස්තු ඉහළ දැමීම ස`ඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව සිය කොමිසම මහජනතාවගේ අදහස් සහ යෝජනා ඉල්ලා සිටි බව සිය පෙත්සම මඟින් දැනුම් දුන් ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිමේ බහුතරයකගේ අදහස් අනුව විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම ඉවත දැමු බවද සඳහන් කොට ඇත.

විදුලි ගාස්තු ඉහළ දමන්නැයි විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම කොමිමේ බහුතරයකගේ සාමාජිකයින්ගේ අදහස් අනුව ඉවත දැමුවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිමේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සහ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුගේ අනුමැතිය ලැබී ඇති බවත් සඳහන් කරන ජනක රත්නායක මහතා එලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණයට කිසිඳු හේතූ දැක්වීමක් කොට නැතැයිද ඒ අනුව මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය නීතීයට පටහැනි යැයිද සඟන් කොට ඇත.

එබැවින් මෙම පෙත්සම විභාග ගැනීමට අවසර දෙන්නැයිද විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටින ජනක රත්නායක මහතා විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බල රහිත කරන්නැයිද ඉල්ලා සිටී.

සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා සිය පෙත්සම මඟින වැඩිදුරටත් ඉල්ලා සිටී.



අදහස් (3)

විදුලි බිල වැඩි කළාට එරෙහිව ජනකගෙන් පෙත්සමක්

චන්දන Friday, 10 March 2023 08:19 PM

ජනතාව වෙනුවෙන් මෙය දිනාගත හැකිවේවා...!

:       51       21

චන්දන Saturday, 11 March 2023 05:13 PM

මේ ඩිස්ලයික් වැඩියෙන් තියෙන්නේ බිල වැඩිවුණාට කමක් නැහැ කියලා නේද? මම නම් හිතුවේ මොකක් හරි ඉදිරිපත් වෙලා මේක අඩු කරලා දුන්නොත් හොඳයි කියලා...

:       0       3

de silva Saturday, 11 March 2023 10:03 PM

Comment chanda samanya minissu widuli bila wadi wenawata kamathi naha , oya dislaik damala thibenne rajapakshalata kade yana horu Published Comment

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site