IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘විදුලි බිලේ ගැටළුවට රජය පිළිතුරු දිය යුතුයි‘‘

(නිමල කොඩිතුවක්කු)

ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමුකරවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

විදුලි ගාස්තු හතර ගුණයකින් වැඩි කිරීම නිසා බොහෝ ආගමික මධ්‍යස්ථාන විශාල අපහසුතාවයකට පත්ව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා සඳහන් කරයි. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

"එමෙන්ම අනෙකුත් පාරිභෝගික බිල්පත් සදහා හතර ගුණයක් වැනි අසාමාන්‍ය වැඩි වීම් වලට යටත් නොවන විට ආගමික ස්ථානවලට පමණක් මෙසේ ගාස්තු වැඩි වන්නේ මන්ද යන්න ගැනද බලධාරීන් විසින් සොයා බැලිය යුතුව ඇත.

ජනසමාජය ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන හා සමාජීය වශයෙන් විශාල සේවාවන් ඉටුකරන ආගමික මධ්‍යස්ථානවලට සහනයක් සැළසෙන පරිදි විකල්ප ක්‍රියාමාර්ගයන් හදුන්වාදෙමින් අවශ්‍ය මගපෙන්වීම් හා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. එහිදී රජයටත් ජනතාවටත් බරක් නොවන අන්දමට සෑම ආගමික මධ්‍යස්ථානයකම සූර්යයපැනල මඟින් (සෝලා) විදුලිය ලබාදීමට හැකි බව එම ක්ෂේත්‍රයේ වියතුන් විසින් දැනටමත් පෙන්වාදී තිබේ.

මෙම යෝජනාව අප විසින් දීර්ඝ ලෙස අධ්‍යයනය කළ අතර විදුලි ඉංජිනේරු මතය වූයේ ද මෙරට පිහිටි බොහෝ පන්සල් කෝවිල් පල්ලි ආදී ස්ථානවලට සූර්යය පැනල මඟින් විදුලිය ලබා දිය හැකි බවයි. එහිදී අප තවදුරටත් රජයට යෝජනා කළේ මහජන මුදල් භාවිතා කරනවා වෙනුවට මේ සඳහා අන්තර්ජාතික ප්‍රදාන හා දැනට ක්‍රියාත්මක අනෙකුත් පරිසර ආධාර ක්‍රම යටතේ මෙම යෝජනා ක්‍රමය දියත් කළ හැකි බවයි.

අප විසින් ඒ පිළිබදව මේවන විටත් ජනාධිපතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැතිතුමා හා විදුලිබල මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. බුද්ධශාසන අමාත්‍යතුමන් මෙහිදී වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බවත්, ජනාධිපතිතුමන් විසින් මෙහි අවශ්‍යතාවය වටහාගෙන ඇති බවටත් එහිදී අපව දැණුවත් කර තිබේ. ඒ අනුව එකී අවධානය නොපමාවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගනු ඇතයි අප තරයේම අපේක්ෂා කරන්නෙමු.

 



අදහස් (6)

‘‘විදුලි බිලේ ගැටළුවට රජය පිළිතුරු දිය යුතුයි‘‘

de silva Thursday, 22 September 2022 03:16 PM

ආගමික සිද්ධස්ථාන උදේ 4 සිට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු කරන නිසා ජනතාව විශාල අපහසුතාවකට පත්වෙනවා. මේවා නවත්වලා දමන්න. එවිට විදුලියත් ඉතිරිවෙනවා.

:       0       14

sugathThursday, 22 September 2022 04:45 PM

ඇත්ත. ධර්මය දැන ගැනීමට අවශ්‍ය තැනැත්තා පන්සලට පැමිණ එය ඉගෙන ගනී. ගෙවල්වල ඉන්න උදවියට බලෙන් ධර්මය පැටවිය යුතු නැත.

:       0       10

JagaThursday, 22 September 2022 05:45 PM

Exactly .. Im totally with you

:       0       5

gamsaba Thursday, 22 September 2022 04:27 PM

රටේ මනුස්සයෝ හාමතේ ගිය ගිය තැන මැරිලා වැටෙනව. දරු දැරියෝ පාසල්වල හාමතේ වැටෙනවා. දරුවෙකුට පොතක් පතක් කියවන්න ගෙවල්වල විදුලිය නැහැ. ඒත් පූජකයෝ ඩිෆෙන්ඩර්වලින් යන ගමන් බිමන් යමින් රටෙන්, රජයෙන්, ජනතාවගෙන් යැපෙන්න පොරකනවා.

:       0       14

sampath Thursday, 22 September 2022 05:58 PM

ප්‍රීපේඩ් ස්මාට් විදුලි මීටර් සවිකලානම් මේ අවුල ලිහාගන්න පුළුවන්.

:       2       4

ganegoda Friday, 23 September 2022 09:13 AM

ආර්ථික අර්බුදයකට හේතුව තමයි පිනට දීම.. මේවා නැති රටවල්වල ආර්ථික ප්‍රශ්න අඩුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site