IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අද බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

ආගමික ස්ථානවල සහ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි බිල පසුගිය ඔක්තෝබර් මාසයේදී  සියයට දහ අටකින් වැඩි කෙරුණු බව පැවසූ අමාත්‍යවරයා කර්මාන්ත සහ හෝටල්  ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට දොළහකින් වැඩි කළ බවද ප්‍රකාශ කළේය.

රජයේ ආයතන වල විදුලි බිල සියයට 24කින් ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු බවද ඔහු සඳහන් කළේය. 

අවම වශයෙන් ඔක්තෝබර් මාසයේ වැඩිකළ මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවද  අමාත්‍යවරයා කීය.

"ඊටත් වැඩිය පුළුවන්නම් ඒ යෝජනාව හදලා දෙන්න තමයි බලාපොරොත්තුව" යැයිද  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (2)

විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න

de silva Wednesday, 21 February 2024 03:20 PM

මනුස්සයෝ විදුලිබිල අඩුකරනවා නම් බොරුවට කල් මරමරා ඉන්නේ නැතුව මෙම මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අඩු කරලා දමන්න පුළුවන් නේද?

:       3       33

sene Wednesday, 21 February 2024 03:28 PM

ඡන්දයක් කිට්ටුව...

:       4       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site