IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි බිලට සහන දෙන්න පන්සල් පල්ලි ලයිස්තුවක් හදයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික  සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20)  පැවසීය.

ඒ අනුව කළ හැකි දේ මොනවාදැයි සොයා බලන බවද  හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි  ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ  බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි බිලේ ප්‍රශ්නය ගැන  විදුලිබල අමාත්‍යවරයා සමග කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවසූ වික්‍රමනායක මහතා සහන  ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද සඳහන් කළේය.

කඨින පින්කම් වලට පෙර විදුලි බිලට  විසඳුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත්  බොරු පොරොන්දු දීමට අකමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත්  ඔහු කිවේය.

ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍යාංශයට යම් මැදිහත්වීමක් කළ  හැකි දැයි රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රශ්නය මතු කරමින් විමසුවේය.



අදහස් (3)

විදුලි බිලට සහන දෙන්න පන්සල් පල්ලි ලයිස්තුවක් හදයි

බද්රානි Tuesday, 20 September 2022 04:29 PM

මොකද, දායකයෝ හිඟන්නොද? දෙයියන්ගෙන්, බුදුන්ගෙන් පිහිටක් නැද්ද? මුස්ලිම්, ක්‍රිස්තියානි, හා හින්දු කෝවිල් වලට නම් ඔය රජයේ ආධාර වැදගත් වෙන එකක් නැහැ නිසැකවම. ලජ්ජා නැද්ද, විදුලිය පාවිච්චි කරලා රටේ ජනතාවට බර පටවන්න. ඕකටද ආගම ධර්මය කියන්නේ? මේක මහා විකාරයක්නෙ, අනුන්ගේ පවුත් දැන් අපට තමයි කර ගහන්න වෙලා තියෙන්නේ.

:       0       0

sunimal Tuesday, 20 September 2022 04:42 PM

ජනතාවට සහන දීම = දේශපාලකයන්ට හොරා කෑමට බලපත්‍ර දීම.

:       0       0

Kumara Wednesday, 21 September 2022 01:01 AM

ආගමික ආයතන වලට පමණක් සහන දෙන්න එපා. එය අනවශ්‍ය දෙයක්. සහන දෙනවා නම් සියලු දෙනාටම දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site