IMG-LOGO

විදුලි බිලට සංශෝධන ගේන්න කොමිසමට කාලය දෙයි

(ඩයනා උදයංගනී)

විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, මහජන උපයෝගීතා කොමිසම මගින් යම් සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ට පෙබරවාරි 15 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමට ඒ සඳහා සහනදායී නිර්දේශයන් ඉදිරිපත් කළ හැකි නම් ඒ සඳහා වෙනස්කම් කිරීමට යටත්ව ජනවාරි 1 වැනිදා සිට නව ගාස්තු වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

කොමිසම මගින් ගාස්තු අඩුකිරීමක් ඉදිරිපත් කළොත් එකී සංශෝධන අනුව ඉදිරි මාසික විදුලි බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීඅද අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (2)

විදුලි බිලට සංශෝධන ගේන්න කොමිසමට කාලය දෙයි

ravin Tuesday, 10 January 2023 01:51 PM

වතුරින් ගොඩගත්තු මාළුවෝ වැඩියෙන් දඟලනවාලුනේද? කාගෙකාගෙත් කාලය ජනතාව තීරණය කරලා ඉවරයි.

:       0       0

sharm warn Tuesday, 10 January 2023 02:53 PM

ඇයි අර කාංචන ගොයියව දැන් හන්ගලා තියෙන්නෙ? එයා නාමල් කාරයට වඩා ප්‍රසිද් වෙයි කියල බයෙන් ද? මුන් අපෙ විදුලි බිල් වැඩි කරන්න කැසපොට ගහගෙන නටන්නෙ උන්ගෙ විදුලි බිල් හරියට ගෙවලද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site