IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාවාදීමක්’’

(නිමල කොඩිතුවක්කු)

විදුලි ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම ජනවරම පාවාදීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

විදුලි ගාස්තු 33%කින් අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා රජය මැතිවරණ වේදිකාවේ පැවසුවත් විදුලි ගාස්තු වැඩි කරන්නට ගෙන ඇති ක්‍රියාමාර්ගය මෙරට විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කරන ලද යෝජනාවක් අනුව බැවින් විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවත් විදුලි බිල ඉහළ දැමීම ගැන කොළඹදී විහේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

රු.9000 බිල රු.6000ත් රු. 3000 බිල රු.2000 දක්වා 33%කින් විදුලි ගාස්තු අඩු කරන බව මැතිවරණ වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ අද වනවිට අසත්‍යයක් බවට හෙළි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයි එම් එෆ් ගිවිසුමකට, එකගතාවකට ප්‍රවේශ වන බවට පැවසුවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටත් ජනතාවත් මේ කොන්දේසිවලට යටත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ජනතාවට ඉදිරිපත් කළ කරුණු සියල්ල බොරු බවට පත් කරමින් 15% විදුලි ගාස්තු වැඩි කිරිම මගින් දුප්පත් සාමාන්‍ය ජනතාව වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන් සංචාරක ක්ෂේත්‍රය පීඩවට පත් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විදුලි ගාස්තු වැඩි කිරිම වෙනුවට 33%කින් විදුලි බිල අඩු කර දුන් ජනවරම පාවා නොදී ජනතාවට දුන් පොරොන්දු වහාම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද ප්‍රේමදාස මහතා කීවේය.

විදුලි පාරිභෝගික ජනතාව සමග එකට සිටගෙන එම පොරොන්දු ක්‍රියාවට නංවන තෙක් සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරතවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය



අදහස් (5)

’’විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාවාදීමක්’’

යෝගා Wednesday, 11 June 2025 05:03 PM

හම්මේ, සජිත් බබා දකින්නත් ආසයි. අපි හිතුව ඔබතුමා යාල කැලේට වෙලා ඊළඟ ඡන්දේ එනකම් විවේක ගන්නවා කියලා...

:       5       25

Kamal Koyrala Wednesday, 11 June 2025 05:36 PM

කොළඹ නගර සභාපති පත්කරන්න මුජිබර්ට දීලා පැත්තකට වෙලා ඉන්නේ... මෙයා කොහොමද ජනතාව පැත්තේ හිටගන්නේ.

:       0       0

chandima Wednesday, 11 June 2025 10:10 PM

අම්මෝ... උඩපනින්න චාන්ස් එකක් ආවා නේද?

:       0       0

pakeeer Thursday, 12 June 2025 01:35 PM

හිනා යන්නේ කටින් නෙමෙයි

:       0       1

රුවන් Thursday, 12 June 2025 02:30 PM

මෙයා ජනපති වුනා නම් නොමිලේ විදුලිය දීලා ගෙවල් වලට ඇවිල්ලා දෙපතුල් සිබිනවා ලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site