IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විදුලි කණුවෙන් මාරයා එයි

 (තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම  ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ  බෙන්තොට,  දෝපේ   සුමනාරාම  විහාරස්ථාන මංසන්ධිය ප්‍රදේශයේ දී  යතුරු පැදියක්  ධාවනය කළ තරුණයෙකු  මාර්ගයේ විරුද්ධ  දිශාවේ දුරකථන කණුවක ගැටී බරපතල තුවාල ලබා   මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  බෙන්තොට හබුරුගල,  දෙද්දුව ,ගොඩැල්ල වත්ත  ලිපිනයේ පදිංචිව සිටි  භානුක   නිරෝධ  කවිරත්න (22)නැමැති අවිවාහක තරුණයෙකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය  පැවසීය  .

කලක් කොරෝනා  ව්‍යසන කාලයකට පෙර  පෙර අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේසංචාරක හෝටලයක සේවය  ඇති අයෙකු බවත් පෞද්ගලික අවශ්‍යතාවයකට බෙන්තොට ප්‍රදේශයට පැමිණ නිවෙසට යන අතරතුරදී  මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වීමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බව කියයි.

අනතුරෙන්  දුරකථන කණුවෙ ගැටුණු යතුරු පැදියට  සහ දුරකථන කණුව ද හානිසිදුවී  තිබෙන බව පොලීසිය සදහන් කළේය.

මිය ගිය තරුණයාගේ  පශ්චාත් මරණ පරීක්ෂණය  බලපිටිය රෝහලේ දී සිදු සිදුකිරීමට නියමිතය . බෙන්තොට පොලිස් ස්ථානාධිපති ලක්ශිත වීරසිංහ මහතාගේ උපදෙස් මත,බෙන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිල් ප්‍රියංකර , පොලිස් සැරයන් සුසන්ත (58470)යන මහත්තුරු පරීක්ෂණ සිදුකරයි.



අදහස් (1)

විදුලි කණුවෙන් මාරයා එයි

Uranga Tuesday, 16 November 2021 07:30 PM

විදුලි කණුවද? දුරකථන කණුවද? මොකක්ද හරි එක..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site