
(දයාරත්න ඇඹෝගම)
අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් වටා අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක ගැටිමෙන් අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කුඹුරේ හිමිකරු වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අන්දරගොල්ලෑවේ ගොවියෙකි. අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ දළ ඇතෙකු මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත ගිය වනජීවී නිලධාරීන්ට මෙම ගොවියා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එම කුඹුර හිමි පුද්ගලයා විසින් සිය නිවසේ සිට අනවසරයෙන් විදුලි රැහැනක් කුඹුර වටා ඇද තිබිමේ හේතුවෙන් එම විදුලි රැහැනේ ගැටිමෙන් දළ ඇතා මිය ගොස් සිටි බවට සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවු බව වනජිවි නිලධාරිහු පැවසුහ.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිසැර වද්දවා ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට