IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදුලිය බිඳවැටීමටට හේතුව ඉංජිනේරු සංගමය කියයි

(යොහාන් භාසුර)


සමස්ත රටටම ඊයේ පෙරවරුවේ විදුලිය විසන්ධි වීමට හේතුව ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත  විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.

"ඊයේ දින පෙරවරු 11.15ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමක් සිදු විය.
මේ සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත  විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතුවේ. 

පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි විය.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි විය.

කෙසේ නමුත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කෙරේ.

මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතී.


ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරන ලදී.

තවද මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බවද අප විසින් නිරීක්ෂණය කර ඇත"

 



අදහස් (13)

විදුලිය බිඳවැටීමටට හේතුව ඉංජිනේරු සංගමය කියයි

janahitha Monday, 10 February 2025 08:54 AM

පද්ධතියම වෙනස් කරන එක සුදුසුයි

:       0       23

Asela Monday, 10 February 2025 09:06 AM

පැය 4ක් 5ක් ඇතුළත විදුලිබල මණ්ඩලය එය යථා තත්ත්වයට පත් කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. මම හිතන්නේ ඇමතිවරු සහ ලංවිම ඉංජිනේරුවන් තොරතුරු සහ ප්‍රවෘත්ති බෙදාගැනීමේදී පැහැදිලි විය යුතුයි. අපිට දැන් විවිධ අංශවලින් විවිධ පුවත් ලැබෙනවා.

:       7       50

Chinthaka Monday, 10 February 2025 05:45 PM

අසේල බොරු කියන්නේ...! ඇයි අපිට නම් පැය 9 ක් විතරම විසංධි වුණා. ඒත් මණ්ඩලයේ අය කියන දේ හරි කියලා හිතෙන්නේ අපේ නිවසටත් සමග එක් ෆේස් එකකින් විදුලිය ලබාගෙන තියෙන නිවසකද? සූර්‍ය බලයෙන් විදුලිය මණ්ඩලයට දෙන නිසාද කියලා සැකයකුත් ඇතිවෙනවා...

:       0       1

Perera Monday, 10 February 2025 09:24 AM

කවුද එතකොට වඳුරන් පිටට මේක දාන්න හදපු හැලි වදුරා??

:       4       61

Kazi Shajahan Monday, 10 February 2025 09:28 AM

එන්පිපි විපක්ෂය හිටියා නම් කටින් අල බතල දෙකම හිටවනවා මේ වෙන කොට... දැන් කොහොමද ඔයාලා වැඩ කරන කොට

:       27       42

රම්බොඩ Monday, 10 February 2025 09:40 AM

ඇමැති නම් කිව්වෙ පසුගිය රජයන්ගේ වැරද්දක් කියලා. මොකද මාලිමා රජයනේ සර්ව සම්පූර්ණ අපක්ෂපාතී , වැඩක් කරන්න දන්න එකම රජය.

:       12       37

Asanga Monday, 10 February 2025 09:50 AM

වදුරෝ එක්ක මේ ජෙප්පො පුදුම අරියස් එකක් තියෙන්නෙ

:       0       2

Lalla Monday, 10 February 2025 10:39 AM

උගත්යැයි කියන ලොකු උපාධිධාරීන් පිරුණ ලංවිමට අසමතුලිත විදුලි පද්ධතිය කලාපීය ලෙස වෙන්කර හෝ පවත්වාගෙන යාමට බැරිනම් පෞද්ගලික තාක්ෂණ විශේෂඥයින්ගේ උදව්ව වත් ගන්න බැරිද? උද්දච්ච කම ප්‍රදර්ශනය කිරීම ප්‍රශ්න මග හැරීමේ ක්‍රමයක් පමණයි කියල රටම දන්නව...

:       8       27

අරවින්ද මොණරවිල Monday, 10 February 2025 11:04 AM

තාක්ෂණික කරුණු හරි හැටි නොදන්න, සමහරුන්ට මේක දේශපාලන ප්‍රශ්ණයක් වෙලා, ඒක දේශපාලන ප්‍රශ්නයක් හැටියට ගත්තත් මෙතෙක් කලක් රට පාලනය කල අයගේ දුර්වලතා නිසා මිසක දැනට මාස හතරක සිට රට පාලනය කරන ජනපති අනුරගේ ප්‍රශ්ණයක් නිසා නොවෙයි විදුලිය බිද වැටුනේ කියලා බෙල්ලේ පාලුවට විතරක් ඔලුව තියෙන එවුන් හැර අනෙක් අය අවබෝධ කර ගනු ඇත.

:       24       14

karolisMonday, 10 February 2025 01:23 PM

මොනරවිල, ඕන එකටයි, එපා එකටයි, මිනිස්සුන්ටයි, ආණ්ඩුවටයි පහත් විදියට බනින්න පුරුදු කළේ ජවිපෙ ත්‍රාඩ දේශපාලනය සහ එහි රස්තියාදුකාර අනුගාමික පිරිස. දැන් ඉතින් කළ කම් ඵල දෙන කාලේ. ඉවසාගෙන ඉන්න....!

:       1       19

රුවන් Monday, 10 February 2025 11:13 AM

විදුලිබල මණ්ඩලය ආරම්භ කරපු වකවානුවේ ඉදන්ම දුර්වලයි. එකට ප්‍රංශ රජයට අයිති විදුලි සමාගම ලෝකයටම විදුලිය දෙනවා. රජයේ වුනාම පාඩු ලබන්නේ නෑ.

:       2       13

මහජනයා Monday, 10 February 2025 11:40 AM

මේ ගොල්ලෝ සෝලාර් වලට පොඩ්ඩක් ඇලජික් කියලා තේරෙනවා...

:       2       20

ගුණරත්න Monday, 10 February 2025 03:01 PM

ඔය ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුළුවන් ඉන්දියාව වගේ විශාල පද්ධතියක් එක්ක සම්බන්ධ වුණොත් විතරයි.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site