IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ 159 ක් වසර දෙකකදී රට හැරයති

(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (15) පැවසීය.

එම මණ්ඩලයේ සේවය කළ පළපුරුදු සහ ඉතාමත් සංකීර්ණ රාජකාරිවල නිරතවූ ඉංජිනේරුවන් තව දුරටත් සේවයෙන් ඉවත්වුවහොත් ලංවිම දැඩි අර්බුදතාකාරී තත්වයකට පත්වන බව කී පරාක්‍රමසිංහ මහතා රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළේය.

නිවාඩු ලබා විදේශගතව සිටින ඉංජිනේරුවන්ගේ වැඩි සංඛ්‍යාවක් විවිධ රටවල්වල ස්ථිර පදිංචි බලපත්‍රය ගැනීම සඳහා ගොස් ඇති බව දැනගන්නට ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් නැවත සේවයට පැමිණෙයි යැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා කීය.

විදේශවල අලුත් ඉංජිනේරුවෙක්ට මාසකට ඩොලර් 4,000 ක පමණ වැටුපක් ලැබෙන බවත් පළපුරුදු ඉංජිනේරුවෙක්ට ඇතම් රටවලදී මසකට ඩොලර් 6,000 ත් 8,000 ත් අතර වැටුපත් ලැබිය හැකි බවත් ඒ මහතා කීය.

 

 



අදහස් (4)

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ 159 ක් වසර දෙකකදී රට හැරයති

Rexi Friday, 15 March 2024 02:20 PM

මහ බැංකුව වගේ කරගන්න ද මේ තටමන්නේ.

:       1       3

Chandima Friday, 15 March 2024 02:44 PM

මොනතරම් හොදයිද? ඔය මණ්ඩලේ බංකොළොත් හින්දා මැස්සෝ ගානට ඉංජිනේරුවෝ ඉන්නවා කියනවා නේද? අලුතින් එන උපාධිදාරීන්ටත් අවස්තාවක් දෙන්න. ඒගොල්ලෝ අතරෙත් දක්ෂයෝ ඉන්නවා අමාරු සංකීර්ණ රාජකාරීවලට සුදුසු.

:       2       12

මුහන්දිරම් Saturday, 16 March 2024 10:13 AM

වයස අවුරුදු පහේ සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ අහිංසක ජනතා මුදලින් කියන්න ඕනෑ... එහෙම කළාම ඒ මුදල් වෙනුවෙන් සතයක මුදලක් ගෙවීමට ඔය උගතුන්, බුද්ධිමතුන් කටයුතු කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේට බුදුවීමට සෙවනදුන් බෝධිය සඳහා සතියක් ඇසිපිය නොහෙළා පූජාවක් පවත්වා කළගුණ සැලකීමේ වටිනාකම පෙන්වා දුන්නා. එම හැඟීමක් මේ උතුමන්ට ඇත්තේම නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ තමයි රටේ තනිකරම අයිතිය තියෙන්නේ කියලා... මෙයින් පේන්නේ නම් ලංකාවේ අධ්‍යාපනය නොමිලේ දෙනවා නම්... ඒ වෙනුවෙන් රටට සේවයක් කිරීම අනිවාර්ය කරන්න ඕනෑ කියලා තමයි. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ අවසන් වුණාට පස්සේ අධ්‍යාපනය රජයෙන් ගැනීමට ගිවිසුමක් අනුව පමණක් කටයුතු කරන්න ඕනෑ කියලා තමයි. මේ රට හදන්න කාට හෝ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් අවම වශයෙන් උසස් පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපන වියදම්වත් රැකියාවක් කරන කාලයක ආපසු අයකරන්න ක්‍රමයක් හදන්නම ඕනෑ..

:       1       2

Left voter Saturday, 16 March 2024 12:26 PM

ලංකාවේ දැනට රස්සාවල් නැතුව ඕනෑතරම් විදුලි ඉංජිනේරුවෝ ඉන්නවා. ආයතන කිහිපයකින් ඉංජිනේරුවෝ අධ්‍යාපනය ලබනවා. SLITT, NSBM, රජයේ විශ්ව විද්‍යාල, පිටරටවල් විශ්ව විද්‍යාල වලින් ඉගෙනගෙන එන කට්ටිය. තවත් පලපුරුදු සහිත HND NDT HNDE විදුලි ඉංජිනේරුවෝ, තවත් විදුලිබල මන්ඩලේ පලපුරුදු විදුලි අධිකාරිවරු ඉන්නවා. ඉංජිනේරුවෝ හැටියට උසස් කරන්න පුළුවන්. මේගොල්ලෝ බොරුවට කෑ ගහන්⁣නේ දොස්තරලා, මහබැංකු සෙට් එක වගේ ටැක්ස් කවර් කරගන්න පඩි වැඩි කරගන්න. ඇමැතිතුමෝ එිකට ඉඩ දෙන්න එපා. Advertisement දාලා බලන්න... ගොඩක් ඇප්ලයි කරයි. යන කට්ටියට යන්න දෙන්න. බටහිර රටවල, මැද පෙරදිග වෙනදා වගේ කට්ටිය ගන්නේ නැහැ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site