(රංජන් කස්තුරි)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව පවත්වන විරෝධතාවයකට කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේදී පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
‘‘හොරු රකින ඩීල් දේශපාලනය එපා - ජනමතයට හිස නමනු‘‘ මැයෙන් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල සිට පා ගමනකින් අද පස්වරුවේ කොළඹ කොටුව බලා ගමන්ගත්හ. ඔවුහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි බැංකු මාවතට ඇතුළුවීමට උත්සහ ගත් අතර පොලිසිය මාර්ග බාධක යොදා පිරිස අතරමඟ නැවැත්වීය.
වෛද්‍ය සිසුන් මාර්ග බාධක පෙරලමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහා ගත් අවස්ථාවේ පොලිසිය මුලින් ජල ප්‍රහාර එල්ල කළ අතර ඉන් පැය භාගයකට පමණ පසුව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පිරිස විසුරුවා හැරීමට පියවර ගත්තේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෛද්‍ය සිසුන්ට කොටුවේදී කඳුළු ගෑස්
ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 30 May 2022 08:04 AM
දිගටම පාර හරස් කරමින්, පෙලපාලි යමින් උද්ඝෝෂණය කරන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර කපා හරින්න.. දිගටම වැරැදි කරන අයව විශ්ව විද්‍යාල වලින් නෙරපන්න.