IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනයට ගැසට් නිවේදනයක්

(යොහාන් භාසුර)

Kවෛද්‍යවරු අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂඥ වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු, දන්ත ශල්‍ය වෛද්‍යවරු සහ රජයේ ලියාපදිංචි වෛද්‍යවරු යන තනතුරුවල කටයුතු කරන වෛද්‍යවරු අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර ඇති අතර දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන මෙම දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම එම ගැසට් නිවේදයෙන් අනිවාර්ය කර තිබේ. වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරු වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේදී විශ්‍රාම ගත යුතු අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යායුතුය. අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරු වයස අවුරුදු 61 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු අතර වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරු වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවට නව සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත. ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබී ඇති අතර ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට එම වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබේ.



අදහස් (6)

වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනයට ගැසට් නිවේදනයක්

ලුම්බිණි Thursday, 15 December 2022 01:58 PM

වෛද්‍යවරුන්ට එක නීතියකුත් රජයේ අනික් අයට එක නීතියකුත් ඇයි? ඉතාම අසාධාරණයි.

:       4       9

kasunThursday, 15 December 2022 03:45 PM

ලංකවේ මෝඩයන් සිතා සිටියේ සහ සිටින්නෙ රටට අවශ්‍ය දොස්තර පමණක් බවයි. ලංකාව මෙවැනි තත්වකයට වැටීමට ප්‍රධාන හෙතුවක් තමා ඒක. ඒ නිසා බහුතරයක් ඉංජිනෙරුවො, මහාචාර්යවරු, ආර්තික විශේෂඥයන්, ගුරුවරු, කෘෂි විද්‍යාඥයන් රටවල් අත ඇරල යනව. අන්තිමෙට රටේ ආර්තිකයත් බිමටම වැටිල සෞඛ්‍යයත් බිමට වැටෙනව. එතකොට තමා තෙරෙන්නෙ රටට ඔනි දොස්තර විතරක් නෙවේ කියල.අඩු තරමේ රටට් අවශ්‍ය බෙහෙත් පවා ගේන්නෙ ගාමන්ට් ළමයි,තේ දලු නෙලන පිරිසගෙ දාඩිය කඳුලු වලින්. හැබැයි අපේ මෝඩයන්ට අනුව ඒව පහත් රැකියා. පිටරටවල සියලුම වෘත්තිකයන් එක හා සමානයි. එකයි ඒ රට්වල් දියුනු වෙල අපි ඒ රටවල් වලින් ණය ගන්නේ.

:       1       6

මොහොට්ටාල Thursday, 15 December 2022 03:09 PM

බටහිර වෙදකමට විශේෂයක් ඇයි දේශීය වෙදකමේ වටිනාකමක් ඇත්තෙම නැද්ද තවත් වෙදවරු ඉන්නවා ඒ අය ගැනත් කිසිම වගේ වගක් නැහැ .ලේකම් මහත්තයෝ ප්‍රශ්න ඇතිවෙන වෙලාවට චක්‍රලේඛ ගැහුවට කවුරුවත්ම බලන්නෙ නැහැ එනිසා පත්වීම් ලිපියේ විශ්‍රාම ගතයුතු දිනය දක්වන්න පත්වීම් බාර ගන්නාවිට ලිපියේ කොන්දේසි වලට කැමැත්ත සහිතව පත්වීම බාර ගත්බවට අත්සන් ගන්න (දීඝායු පුත ළග බලන්න එපා දුර බලන්න කියලා ජාතක කතාවක තියෙනවා එම කතා අපිට කියන්න කතාවෙ රස විදින්නම නොවෙයි ඒ අනුව වැඩ කරන්න කියලා )

:       1       3

Amal Thursday, 15 December 2022 03:13 PM

60 පැනලා ඇස් දුර්වල උනහම වෛද්‍ය රස්සාව කරන එක පුලුවන් වැඩක්ද?

:       1       3

ගීතා Thursday, 15 December 2022 03:15 PM

පෙන්ශන් ගියහම චැනලින් වලට කෙල වෙනවනෙ

:       2       3

Dayan Thursday, 15 December 2022 04:32 PM

මම දන්න විදියට ලන්කාවෙ වෛද්‍යවරුන් මොන රටට ගියත් වෙනම විභාග වලට ඉදිරිපත් වෙන්න ඕන අතින් වියදම් කරගෙන, ඒව ඉවර වෙනකම් රැකියාව කරන්න බැහැ. මෙවා කරන්න කාලයත් යනවා සැහෙන. සමහර රට වලින් එහෙම වත් ගන්නෙ නැහැ (උදා: සින්ගපූරුව). ඉන්ජිනේරු, IT අයට වගෙ කෙලින්ම රැකියාවට යන්න බැහැ. මම දශක 3ක් පිටරට ජීවත් වුනු කෙනෙක් නිසා කියන්නෙ

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site