
(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කොට ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග කළේය.
වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එම නිසා සැකකරු යළි රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගත් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකාර හිටපු යුද හමුදා සෙබළා මේ මස 21 දින දක්වා යළි රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ!! දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කිරීමට තිබුණු අනගි අවස්ථාවක් "ගොමා කල්ලියට" නැති වුණා.. මොනවා වුණත්, ගොමා කල්ලියේ න්‍යායට අනුව, රෝගීන් මේ වෛද්‍යවරිය අපයෝජන සිද්ධියට වගකියන්නම ඕනෑ..