
(උපාලි ආනන්ද)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එන්.කේ ජයවීර මහතාට අද සවස නියෝග කළේය.
වෛද්‍යවරියගෙන් සොරා ගත් බව කියන ජංගම දුරකතනයෙන් ගත් සහ ලැබුණු ඇමැතුම් ගන වාර්තාවක් ලබා දෙන ලෙස ඩයලොග් සමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණ හමුවේ සිදු කළ කරුණු දැක්වීමෙන් පසුවය.
COMMENTS
දොස්තර නෝනා දූෂණය වී රටේම දොස්තරලා ස්ට්‍රයික් කරාට දොස්තර අතින් “ගාමන්ට් නෝනා” දූෂණය වූ දින ගාමන්ට් එකක් හෝ ස්ට්‍රයික් කරේ නැත.
නීතිය අන්ධයි. ඇප පිට නිදහස් වූ එකා ඒ දිනයේම අපරාධයක් කර අසු වුණා... තව ටික දවසකින් නිදහස් වෙලා මිනියක් මරන්නත් බැරි නැහැ.
දැන් තමයි මටත් හරියට තේරුනේ සමහරක් මෙච්චර කුලප්පු වෙලා තියෙන්නේ මේක ලංකාවේ සිදු වුණු පළමු ස්ත්‍රී දූෂණය නිසා බව... අනික කුඩා ළමයෙක්වත් වැඩිහිටියෙකු අතින් දූෂණය හෝ අපයෝජනය වෙලා නැති මෙතරම් ආරක්ෂාවක් තියන රටේ, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන කාන්තාවන් ඉතාම ගෞරවාන්විතව අපයෝජනය නොකරන රටක, දොස්තරවරියගේ කුමරි බඹසර බිඳීම නම් ඇත්තටම ඛේදවාචකයක්... මම නම් කියන්නේ මුළු රටම එකතු වෙලා වැඩ වර්ජනය කරමු!!! අන්න එතකොට තමයි මේ රටේ බඩ ලෙඩ්ඩු ටික නිට්ටාවටම සුව වෙන්නේ... දොස්තරලාගේ මේ තියන බඩේ රුදාවට ආණ්ඩුව ඉක්මන් ඉන්ජක්ෂන් බෙහෙතක් නොදුන්නොත් ඉතින් අර සයිටම් නාටකයේ දෙවෙනි කොටස තමයි අපිට නරඹන්න වෙන්නේ...
කරපු කෙනා ඇල්ලුවට, නඩු දාලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න තීන්දුව ලැබිලා නෑ. එතකොට අපි වැඩ වර්ජනය දිගටම කරනවා.
දූෂණයට ලක්වන්නාගේ උස්මිටිකම් අනුව දූෂණයට එරෙහිව GMOA එක ගන්නා ක්‍රියාමාර්ගවල වෙනසක් පවතී.