IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විද්‍යෝදය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘතීන් ප්‍රකාශයට පත්කෙරේ

(ඩයනා උදයංගනී)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල ශාලාවේදී සැප්තැම්බර් මස 1 වැනිදා පස්වරු 3.00ට පැවැත්වෙන අතර එහි සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශිත කෘතීන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.

වසරේ විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග්‍රහය, පද්‍ය සංග්‍රහය, ගේය පද සංග්‍රහය, තීරු ලිපි සංග්‍රහය සහ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා මෙහිදී සම්මාන පිරිනැමේ.

මෙවර වසරේ විශිෂ්ටතම නවකතාව සඳහා සේපාලි මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘හින් දොස් මාලේ’, කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ‘සන්ධ්‍යානන්දය’, ශමෙල් ජයකොඩි මහත්මිය රචනා කළ ‘මගේ චිකාගෝ හදවත’, චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ ‘ප්‍රේමානිශංස’ සහ එරික් ඉලයප්ආරච්චි මහතාගේ ‘නකුල මුනි’ යන නවකතා නිර්දේශ වී ඇත.

එමෙන්ම වසරේ විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහයට හිමි සම්මානය සඳහා එරික් ඉලයප්ආරච්චි මහතාගේ ‘ජාත්‍යන්තර පාපොච්චාරණය’, මහින්ද රත්නායක මහතාගේ ‘වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා’, උපාලි උබයසේකර මහතාගේ ‘ගිනි සෝමෙ සහ තවත් කෙටිකතා’, මලිඳු කාවින්ද කුමාරසිංහ මහතාගේ ‘මං මාවතක මතක මිමිණිල්ල’ සහ ප්‍රින්ස් සේනාධීර මහතාගේ ‘කළු උස මනුස්සයෙක්’ යන කෘතීන් නිර්දේශ වී තිබේ.
වසරේ විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය සම්මානය සඳහා කෘති පහක් නිර්දේශ වී ඇති අතර, ලක්ශාන්ත අතුකෝරල මහතාගේ ‘ලියසැව් ලිහී ගිය ගනසාමඩුලු’, සුරේකා සමරසේන මහත්මියගේ ‘වම් පියවුර’, අනුරාධා නිල්මිණි මහත්මියගේ ‘නාරි සූත්‍රය (කාව්‍යාලේඛය), සඳරැසී සුදුසිංහ මහත්මියගේ ‘ගිනි වැදුණු පියාපත්’, එරික් ඉලයප්ආරච්චි මහතාගේ ‘ප්‍රොමිතියස් දූපත’ එම කෘතීන් වේ.

වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහය සඳහා යමුනා මාලිනී පෙරේරා මහත්මිය රචනා කළ ‘ප්‍රේමයයි මනරම්’, වසන්ත කුමාර කොබවක මහතා රචනා කළ ‘පමා වී පිපුණු මල් සුවඳයි’, පල්ලේගම හේමරතන හිමියන්ගේ ‘සඳමඩල වී’ යන කෘතීන් ත්‍රිත්වය නිර්දේශ වී ඇති අතර, වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය සඳහා නයනසේන වන්නිනායක මහතාගේ ‘වන්නිගේ කොලම’, බුද්ධදාස ගලප්පත්ති මහතාගේ ‘සමීප රූප’ සහ හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ ‘නින්නාද’ යන කෘතීන් නිර්දේශිතය.

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය සම්මානය සඳහා ආචාර්ය ප්‍රේමසිරි නාගසිංහ මහතාගේ ‘සිංහල උපාසකප්නාලංකාරය සංස්කරණය සහ විචාරාත්මක අධ්‍යයනයක්’, සමන් පනාපිටිය මහතාගේ ‘සිංහල ජන ගායන ශෛලී’, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා රචනා කළ ‘කෙවුල්ගම දළදා ගමන් මාලිගය’, මහින්ද කේ. විමලසිරි මහතාගේ ‘කඩවර ඇදහීම’, සන්ධ්‍යා කහඳගම මහත්මියගේ ‘සංඛ්‍යා පුරාණය’ යන කෘතීන් පහ නිර්දේශ වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙහි පීඨ කමිටුව මගින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සාහිත්‍ය සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ මෙවර 13 වැනි වරටය.
මෙවර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතා සහභාගීවීමට නියමිතය.



අදහස් (1)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘතීන් ප්‍රකාශයට පත්කෙරේ

Lal Thursday, 25 August 2022 10:09 PM

Promote English literature. Sinhala is going to be less used in the future.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site