IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විද්‍යුත් බස් ළඟදීම එනවා

(යොහාන් භාසුර)

විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (13) පැවසීය.

එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ්පත භාවිතයෙන් පමණක් බවත් එම බස් රථවලට කොන්දොස්ත මහතුන්ගේ සේවය අවශ්‍ය නොවන බවත් විජේරත්න මහතා කීය.

බස් රථයට ගොඩවූ පසු කාඩ්පත ටච් කර මුදල් ගෙවිය හැකි අතර මෙරට භාවිතා කරන ඕනෑම කාඩ් පතක් භාවිත කළ හැකි බව කී විජේරත්න මහතා පැවසුවේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කරගැනීමට එම බස් රථ සේවාව ආරම්භයත් සමඟ හැකියාව ලැබෙන බවත්ය.



අදහස් (3)

විද්‍යුත් බස් ළඟදීම එනවා

sujeewa Sunday, 13 August 2023 10:42 PM

කවුරු මොනවා කිව්වත් බස් රථ සහ ශ්‍රී ලාංකීය පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැමුණු මහතාගේ දැනුම ඉතා ඉහළයි සහ රජය විසින් කළයුතු සමහරක් කාර්යයන් එතුමන්ගේ උනන්දුවෙන් සිදුකිරීම අප රටක් ලෙස ඉතා අගය කළ යුතුයි.

:       1       0

නන්දසාර Monday, 14 August 2023 04:05 AM

බස් රථයේ කොන්දොස්තර යන්නෙත් ලොරියේ රිය සහායක යන්නෙත් රියදුරුගේ උදව්වට මිස මුදල් එකතු කරන්නම නොවෙයි කියලා අහලා තියෙනවා එහෙනම් ඔය බස්වලට කැමරා සහ ආරක්ෂක උපාංග සවිකරන්නත් කටයුතු කරන්න...

:       1       3

Bamunuarachchi Tuesday, 15 August 2023 03:01 AM

අපිට බස් එක ඉලක්ට්‍රික්ද, භූමිතෙල්ද කියලා ප්‍රශ්නයක් නැහැ. හිටගෙන යන මගී පෝළිම් හතර අස්සේ ටිකට් කඩන්න යන කොන්දොස්තරයෙක් නැති බස් එකක් ලැබෙනවා නම් හොඳයි. බොරැල්ල සිට කොටුවට යන්න මොන ඉලෙක්ට්‍රික් බස්ද ගොයියෝ? කැනඩාවේ අවුරුදු 18 පහළ 64 ඉහළ අයට ප්‍රවාහනය නොමිලේ.. ගන්න ටිකට් එකෙන් පැය එකහමාරක් ඇතුලේ බස් කීපෙක ගිහිල්ලා කෝච්චියේත් යන්න පුළුවන්. ඔයාලා පම්පෝරි ගහන ඉලෙක්ට්‍රික් බස් වල ලංකාවේ අපි ගියේ 1959 1960 කාලේ. කොන්දොස්තර good morning Miss කියලා ටිකට් කඩපු කාලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site