IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වාද්දූවේ රෙදි ප්‍රදර්ශනාගාරය ගින්නට බිලි

(සුමිත් පොතුපිටිය)

වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශණාගාරයේ අද ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී එහි විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශවී තිබුණි .

කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කරන ලදී .

ගින්න ඇතිවිමත් සමගින් එහි තිබූ රෙදිපිලි විශාල ප්‍රමාණයක් එහි සේවකයින් පිටතට රැගෙන ගොස් තිබුණි.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර , සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බව සදහන් වේ.



අදහස් (0)

වාද්දූවේ රෙදි ප්‍රදර්ශනාගාරය ගින්නට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site