IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


වතු ගැටලු විසඳන්න කඩිනම් පියවර

 (අංජුල මහික වීරරත්න)

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.  ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාලසීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව පැවසීය.  

කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින්  නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේ ය.

 



අදහස් (1)

වතු ගැටලු විසඳන්න කඩිනම් පියවර

Kumara Friday, 28 April 2023 11:18 AM

මේ මිනිස්සු රැවටීම දැන්වත් නවත්වන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site