IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වතුර බේසමේ ගිලී සිඟිත්තෙක් මරුට

(නවරත්න සමරතුංග සහ  ගයාන් චින්තක)

පොතුවිල් නිවෙසක නිවුන් දරුවන් අතරින් එක් දරුවකු ඇඟ සේදවීම සඳහා වතුර පිරවූ බේසම මත තබා සබන් කෑල්ල රැගෙන ඒමට ගිය අතරතුර එම දරුවා බේසම මත වැටී ජලය පෙවීමෙන් මියගොස් ඇතැයි පොතුවිල් පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ පොතුවිල 07 කොට්ඨාසයේ සෙන්ට්‍රල් පාරේ මොහොමඩ් රහිම් උවයිස් පාතිමා මිහිරියු නැමැති දැරියකි.

ඇය සමග තවත් නිවුන් සොහොයුරියක සිටින බවත් මෙම ළමයාගේ ඇඟ සේදීම සඳහා නිවෙස පිටුපස ජල කරාමය අසල වතුර බේසමේ සිටුවා තබා සබන් කෑල්ලක් ගෙන ඒමට මව නිවෙසට ගොස් ඇති බවත් එවිට කුස්සියේ සිටි අනෙක් නිවුන් ළමයා හඬමින් සිටි බවත් කියති.

පසුව සබන් කෑල්ල රැගෙන එළියේ සිටි ළමයා අසලට එනවිට වතුර බේසම තුළ සිටි ළමයා උඩුකුරුව වැටී හිස වතුරේ ගිලී දෙපා ඉහළට එසවී සිටි බව ඇයගේ මව මොහොමඩ් නිස්ලීම් කානි නැමැත්තිය මේ සම්බන්ධව විමර්ශන කරන පොලිස් නිලධාරින්ට පවසා ඇත.

වැටී සිටි ළමයා එම මොහොතේම යාබද නිවෙසේ අයත් සමග පොතුවිල රෝහලට ඇතුළත් කළ නමුත් ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඒ වනවිටත් ළමයා මියගොස් ඇති බව පවසා තිබේග මෙම නිවුන් දරුවන්ගේ පියා විදෙස් රැකියාවකට ගොස් සිටි බව ද සඳහන් වේ.



අදහස් (2)

වතුර බේසමේ ගිලී සිඟිත්තෙක් මරුට

ජයනාත් Wednesday, 12 June 2024 06:28 AM

කෙතරම් ඛේදනීය පුවතක් ද... දෙමාපිය නොසැලකිලිමත් බව...

:       1       13

Perera Wednesday, 12 June 2024 11:07 AM

ඔහොම කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති මිනිස්සු වැඩිපුර ඉන්න රටක් දියුණු වෙයිද? 

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site