
(ආර්.එෆ්.එම්.සුහෙල් )
නුවරඑළිය මහ නගර සභාවේ පාලන බල ප්‍රදේශයට අයත් ලවර්ස්ලීප් විනායකපුරම් හා නවගංගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පසුගිය දින 21ක් පුරාවට බීමට , වැසිකිලි භාවිතය ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතාවන් වලට ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව එදිනෙදා ජීවන කටයුතු සාමාන්‍ය පරිදී ගෙන යාමට දැඩි ලෙස අපහසුතාවයට පත්වීමක් දක්නට ලැබේ ,
පාසල් යන සිසුන් තම පාසල් නිල ඇඳුම් පවා සේදීමට ජලය නොමැතිව පාසල් නොයා නිවස් වලට ජලය එක්රැස් කිරීම වෙනුවෙන් දෙමාපියන් සමග කටයුතු කරන බවද ප්‍රදේශවාසීහු පවසති ,
මෙම තත්ත්වය නුවරඑළිය මහ නගර සභාවට අයත් ප්‍රදේශ රැසකම්ස් දක්නට ලැබෙනු ඇතැයිද ප්‍රදේශවාසීහු චෝදනා කරති ,
අඛණ්ඩව නුවරඑළිය ප්‍රදේශයෙ පවතින දැඩි උෂ්ණාධික කාලගුණික සත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති , සිය නිවස්වල ආහාර අනුභව කළ භාජන දින ගණනාවකින් සෝදා ගැනීමට නොහැකිව කාන්තාවන් පීඩා විඳින බවද ඔහු වූ බැසිවිලි නගති ,
මෙම ගැටලුව සම්භන්දයෙන් අවස්ථා කිහිපයකදීම නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස් තුමිය දැනුවත් කළද ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියති.
ප්‍රදේශවාසීන් නගන චෝදනා පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න මහත්මියකින් කළ විමසුමකට කියා සිටියේ අධික අව් රශ්මියක් සහිත දේශගුණික තත්ත්වයක් පවතින බැවින් මෙම ගැටලුව නුවරඑළිය නාගරික බල ප්‍රදේශයට තදින්ම බලපා ඇති අතර නුවරඑළිය මහ නගර සභාව වශයෙන් මහජනතාවට අවශ්‍ය ජලය සැපයීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බවයි


2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර නැතිව නුවරඑළියේ ජනයා පීඩාවට
sena Tuesday, 07 May 2024 10:15 AM
නුවරඑළිය ප්‍රදේශයේ නියෝජනය කරන දේශපාලකයන් සිටින්නේ කොළඹ නගරයේ නිසා ඔවුන් මේගැන දන්නේ නැත
Sashi Tuesday, 07 May 2024 10:26 AM
නීතියක් නැති රටක කැළෑ පාලුවන්ට ඕන විදියට රක්ෂිත කඳු මුදුන් වල ඇති ගස් කොළන් විනාශ කරලා රත්තරන් හෝටල් හදලා රට විනාශ කරලා ප්‍රතිඵල ඕවා...