IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘වත්මන් ජනපති සමග එකමුතුභාවයක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

ජන පීඩිත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ඔහු පැවසීය.

 



අදහස් (5)

‘‘වත්මන් ජනපති සමග එකමුතුභාවයක් නෑ‘‘

Chandra Wednesday, 16 August 2023 09:51 PM

හරියට හරි . පුලුවන්නම් මහ අලියා තනතුර දෙන්න .ඒකට තමයි සෑහෙන්න කල් කකුලෙන් ඇද්දේ . බැරිතැන පැන්න.

:       0       6

pj Thursday, 17 August 2023 01:58 AM

"රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ඔහු පැවසීය." මානසික රෝහල්වල සුව නොවෙන ලෙඩ්ඩුත් හරියටම ඔයවගේ කථා කියනව.

:       0       7

sumanasiri Thursday, 17 August 2023 02:16 AM

පුතානෝ දන්නවද පියානෝ කොහොමද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කලේ කියල? අප්පුහාමි ඔහේ නිකන් කටින් බතලකොල හිටවන කෙනෙක් විතරයි . කිසිම වගකීමක් දරන්න බය නමුත් වැල් බයිල කියව කියව ඉන්න පොරක් විතරයි . කොහොමත් ඔහේගේ සහය ආණ්ඩුවට ඕන නැහැ . ආයේ කවම දාවත් ඔහෙට අඩුම ගන්නේ ඇමති කමක්වත් ලැබෙන්නේ නැහැ. ඔන්න පොන්සේකා වෙනත් පක්ෂයක් හදනවලු . චම්පික කොහොමත් දැන් වෙනම ඉන්නේ. ඉතින් වෙන කවුද ඔතන ඉන්නේ? හෙට අනිද්දට ඔයාට ඉත්රිවෙන්නේ හත් අට දෙනෙක් විතරයි .පවු කියලත් හිතෙනවා ඔයා කන ලනු වලට .

:       0       7

City Thursday, 17 August 2023 06:25 AM

ඔබ දේශපාලනයේ සිටින කුඩා දරුවෙකි

:       0       7

C.K.Lankaputhra Thursday, 17 August 2023 01:54 PM

විපක්ශ නායක එක්කයි ජනාධිපති එක්කයි දෙන්නා එක්කම අපේ එකමුතුව ක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site