IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක්

(නිමල කොඩිතුවක්කු)

වත්මන් ජනාධිපතිවරයා  රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(15) පැවසීය.

ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථිපිත කිරීම පොදුජන අරගලයේ අරමුණ වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයක් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ අසුන් ගැනීම බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බව සමගි ජනබලවේගයේ අම්පාර ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බැවින්  මැතිවරණයකින් එම වෙනස සිදුවිය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.



අදහස් (3)

වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක්

gamini yapa Thursday, 15 September 2022 05:27 PM

බැරිස්ටාර්වරයෙක් වුණ ජනාධිපති කාගෙවත් ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නේ නැහැ. නීතිය ඉගෙන ගෙන එනන් ලෝ කොලේජ් ගිහින්. නයකකම් කරන්න ආසයි බයයි වෙලා කොහොමද? අන්න ඒ ගති නැති කර ගෙන නීතිය ගැන දැනගෙන තර්ක විතර්ක වලට එන්න. අඩුකම මේ ප්‍රදර්ශනය වෙන්නේ.

:       1       13

Amara Friday, 16 September 2022 07:22 AM

දැන් කියවල වැඩක් නැහැ. එකට හේතුව සජබේ ම තමයි.

:       1       13

pj Friday, 16 September 2022 09:13 AM

පෙනෙන්නේ ඒ වගේ වුණත් ඇත්ත එය නොවේ. පණහක් තියාගෙන ඔයා ඔය මොනවද කරන්නේ...? එක අසුනක් තියාගෙන එයා පසුගිය මාස දෙකතුන ඇතුළත කරපු දේ රටට දැනුණු බව කොටස් වෙළඳ පොළෙන් අද පෙනෙන්න පටන් අරන්. අපේම කරුමෙට අපේ රටේ නොඉපදිය යුතුව තිබූ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ වෙනුවට කිරිහරක් කිහිප දෙනෙක් හරි ඉපදුණා නම්..!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site