IMG-LOGO

වෘත්තීය පුහුණුවේ අරුමපුදුම ගෙවීම් ගැන හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරුන්  කිසිදු අමතර දීමනාවක් හෝ මූල්‍යමය ප්‍රතිලාභ  නොගත යුතු බවට  චක්‍රලේඛ විධිවිධානවල සඳහන්ව තිබියදී ඊට පටහැනි ලෙස හිටපු සභාපතිවරයකුට 2020 වර්ෂයේදී  ඉන්ධන දීමනා ලෙස රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක්ද බාහිර ගමන්බිමන් ආහාර සහ හෝටල්  ගාස්තු වශයෙන් තවත් ලක්ෂ 4 කට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර වෘත්තීය  පුහුණු අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය තුළ නොමැති උපදේශක තනතුරු දෙකක් ඇති කිරීමෙන් දෙදෙනකු  බඳවා ගෙන දීමනා සහ ඉන්ධන දීමනා වශයෙන් ලක්ෂ 18 ක පමණ මුදලක් 2020 වර්ෂයේදී  ගෙවා ඇතැයිද  එහි දැක්වෙයි.

අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත කොරියන් ටෙක් ආයතනයට කොළඹ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා ගම්පහ කාර්මික විද්‍යාලය ඉදිකිරීමේ කොරියානු ණය ව්‍යාපෘතියෙන් 2019 වර්ෂයේදී  ලබාදී තිබූ  එක් කෝටි පනස් හත්  ලක්ෂයකට වැඩි  වටිනා උපකරණ 157 කිසිදු ප්‍රයෝජනයට ගෙන  නොතිබූ බව පවසන විගණන  වාර්තාව රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනා උපකරණ හතක් අක්‍රිය තත්වයේ පැවතුණු  බවද  සඳහන් කරයි.

එසේම එම ආයතනයට වෛද්‍ය හෝ හෙද  තනතුරු අනුමත වී නොතිබියදී වෛද්‍යවරුන් භාවිත කරන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා  උපකරණ  රැසක් ලබාදී තිබු බවත්  ලබාදී ඇති ඖෂධ වර්ගද  කල් ඉකුත් වී තිබුණු බවත්   විගණන  නිලධාරීහු  පවසති.

මාණ්ඩලික තත්වයේ නිලධාරීන්ට පමණක් එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා අතුරු  ගෙවීම්( අග්‍රිම) ලබාදිය හැකි වුවත් ඊට පටහැනිව දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලයේ අවස්ථා 10 ක දී රුපියල්  107,500 සිට 300,000 දක්වා එම ගෙවීම් ලබාදී තිබු බව  විගණන  කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

වෘත්තීය පුහුණුවේ අරුමපුදුම ගෙවීම් ගැන හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 692 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1091 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site