(සුජිත් හේවාජුලිගේ )
ජනපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලඥයන්ගේද රාජ්‍ය සේවයේ නියුක්තව එක් ලක්ෂ පනස් දහසක පමණ වන මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත
මේ අනුව අල්ලා හෝ දූෂණ චෝදනා නව පනත මගින් ක්ෂේත්‍ර තිස් එකකට අයත් තැනැත්තන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සෑම වසරකම මාර්තු 31 වැනිදාට පෙර බාරදීම අනිවාර්ය වේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වත්කම් බැරකම් දෙන්න ඕන අලුත් ලැයිස්තුව මෙන්න
චන්දන Sunday, 28 January 2024 01:20 PM
රාජ්‍ය සේවකයන් වත්කම්, බැරකම් ප්‍රකාශ දිය යුතුයි කියන එක අළුත් දෙයක් නෙවෙයි. ඒක කාලෙක පටන් ක්‍රියාත්මකයි...!
ranjith Sunday, 28 January 2024 01:38 PM
බොහෝම හොඳ ආරම්භයක්... රට හදන්න හොඳ අඩිතාලමක්...
Rata Perata Sunday, 28 January 2024 02:24 PM
මේවා එදා ඉඳලාම තිබුණා. අලුතින් කරන්න හදන ඒවා ලොකුවට ලියනවට වැඩිය හොඳයි පසුගිය කාලේ ඒවා හරියට කරලා තියෙනවද කියලා ගවේශණයක් කළානම්..
PATTA hora Sunday, 28 January 2024 02:51 PM
පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩි ටික දෙයි ඕං කියලා. මෙච්චර කාලයක් නොදුන්නා කියලා ඔවුන්ට විරුද්ධව ගත්තු පියවර මොකක්ද?
ගමගේ Sunday, 28 January 2024 04:07 PM
නිකං මිනිස්සු රවට්ටන්න කරන දේවල්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් දෙන්නේ නෑ. නොදුන්නා කියලා ප්‍රශ්නෙකුත් නෑ. පොඩි මිනිහටයි ඔක්කොම නීති.
රටවැසියා Monday, 29 January 2024 07:21 AM
වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරු මුල් පත්වීම් ලබන අවස්ථාවෙ සියලු දෙනාගෙන්ම ගන්නවා. ඒත් වර්ෂයක් පාසා ගන්නෙ මාණ්ඩලික මට්ටමේ නිළධාරින්ගෙන් පමණයි. මෙම වාර්තාව අනුව කියලා තියෙන්නෙ අලුතින් එයට ඇතුලත්කල අයගැන විස්තර කියන්න පුළුවන් .කොහොම වුනත් වාර්ෂිකව ගන්නා වත්කම් බැරකම් වාර්තා ඒ ඒ කාර්‍යාල වල තැන්පත්ව තියෙනවා මිස ඒවා වාර්ෂිකව පරීක්ෂා කර වැරදි කරුවන්ට දඩුවම් දෙන ක්‍රමයක් තවමත් නැහැ .එනිසා මේවා පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සකසනවා නම් හොදයි .එහෙම කණ්ඩායමක් හදනවා නම් එම කණ්ඩායමේ අයගේ වාර්තා විගණන නිළධාරි විසිනුත් එම විගණන නිළධාරිගේ වාර්තා වත්කම් බැරකම් පාරීක්ෂණ නිළධාරි විසිනුත් කලොත් තමයි හොද ,පාර්ලිමේන්තුවේ මැති ඇමති වාර්තා වුනත් වාර්ෂිකව පරීක්ෂා කරන්න ඕන ඔවුන්ගේ නාමයෝජනා අවස්ථාවේ පෙර වාර්තා හා අලුත් වාර්තා බලන්න ඕන එහෙම නැතුව ගන්නන් වාලේ අරගෙන ප්‍රයෝජනයක් නැහැ