IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු අලුත්ම පිරිස මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වත්කම් බැරකම් ඉදිරිපත්  කළ යුතු ලයිස්තුවට ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන්  තානාපතිවරුන්  ඇතුළු තවත් පිරිසක් ඇතුළත් කිරීමට  දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන්  ප්‍රතිපාදන සැලසෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

වත්කම් බැරකම් ප්‍රකාශ  ඉදිරියේදී ඉදිරිපත් කළ යුතු පිරිසට ඇතුළත් වන සෙසු පිරිස වන්නේ මහ ඇමැතිවරුන්, පළාත් සභා ඇමැතිවරුන් මන්ත්‍රීවරුන්, තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් යැයිද  ඔහු සදහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ  දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

දූෂණ විරෝධී පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කොන්දේසියක් නොවෙයි. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයත්  එහෙම දෙයක් නොවෙයි. දූෂණය වැළැක්වීමට මේ අයවැය  කාර්යාලය ඉතා  වැදගත්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මේ නීතිය ආපස්සට බලපාන්න ඕන. එහෙම දෙයක් මෙතන නැතිබව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මට පැවසුවා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:

අපි ඒ ගැන නීතිපතිතුමාගේ අදහස විමසනවා.එහෙම කරන්න පුළුවන්ද කියලා.  සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන්න සූදානම්.



අදහස් (7)

වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු අලුත්ම පිරිස මෙන්න

Samitha S. Aluthgamage. Wednesday, 21 June 2023 01:54 PM

රට බංකොළොත් කළ හොරුන් බේරෙන විදිහට තමයි පනත ගේන්නේ. අපූරු ඇමැතිවරුන් තමයි මේ රටේ ඉන්නේ... අතීතයට බලපාන අයුරින් පනත ගෙනාවොත් රට කෑ හොරුන් හසුවෙන නිසා ඒක නීතිපතිගෙන් අහන්න ඕනෑලු. මොකක්ද එක හංගාගෙන මොකක්ද එකෙන් මොකක්ද එක කරනවා වගේ වැඩක් තමයි මේක. අම්මපා... කියලා වැඩක් නැහැ.

:       0       23

Radiks Wednesday, 21 June 2023 02:14 PM

ඒ වගේම ලියාපදිංචි දේශපාලන පක්ශවල තනතුරු දරන්නන් මෙයට ඇතුලතු විය යුතුයි. ඒ වගේම පක්ෂ අරමුදල් ලැබෙන අයුරුද හෙලිකරන විදියක් තියෙන්න ඕන

:       1       13

DonWednesday, 21 June 2023 02:44 PM

අනිවාර්යයෙන්ම...!

:       0       11

Deepal Nirosh Wednesday, 21 June 2023 02:30 PM

ඔය මොන අණපනත් ප්‍රඥප්ති සම්මත කළත් දූෂණ කරන එකා කරනවා... නොකරන මිනිහා බැරි නිසා පාඩුවේ ඉන්නවා. මේවා නිකං ප්‍රදර්ශන අංග විතරයි. දැන් අර විධායක ජනාධිපති බලතල අවම කරන්න කියලා පනතකුත් මෙයා ගෙනාවලු නේද? මොකද වුණේ. පෙරටත් වඩා හොඳට ජනාධිපතිවරයා විධායක බලය අතටගෙන පාර්ලිමේන්තුව, විධායකය, ස්වාධීන (?) කියන කොමිෂන් තම අණට නතු කරගෙන ඉන්නේ. මොකද පවුල් බලයක්වත් තිබිලද? දූෂණ විරෝධී හඬවල් කෝ දැන්?

:       0       11

de silva Wednesday, 21 June 2023 03:15 PM

ඔය කියන පුද්ගලයින් 18ට අඩුද?

:       0       2

Prabash Wednesday, 21 June 2023 03:47 PM

මේකට කමිටුවක් පත් කරන්නේ නැද්ද?

:       0       3

සල්ලි Wednesday, 21 June 2023 08:42 PM

දේශපාලනය කරනවුන්ට "තුමා, වරයා" කියන්න තරම් උන් ගෞරවනීයද බන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site