IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වතුකම්කරු වැටුප වැඩිකරන්නැයි උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )     

                                                                     
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයන් සහ තරුණියන් අද (25) පුස්සැල්ලාව නගරයේදී උද්ඝෝෂණයක් කළහ.  


වතුකරයේ ජනතාවට ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙන බවත්, රටේ දැනට පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට රජය මැදිහත් විය යුතු බවට ඔවුහු   පැවසුහ.


වතු කම්කරුවෙකුට දැනට දිනක මුලික වැටුප වශයෙන් රු 530 වතු සමාගම් විසින් ගෙවන අතර එය රු 600 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු  සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර තිබේ.


එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ හෙට (26) වතුකරය පුරා මෙවැනි උද්ඝෝෂණ ගනණාවක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර  ඇත.


 



අදහස් (0)

වතුකම්කරු වැටුප වැඩිකරන්නැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site