IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ  ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.  

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබේ. 

ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙසට දැනුම් දී ඇති ව්‍යාපෘති 11යි.

නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ඉදිකිරීම්  ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හෝ අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසල බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු කරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.



අදහස් (6)

වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ

Kazi Shajahan Monday, 06 May 2024 01:26 PM

දැන් තදියම් මොකද? ගහන ඒවා ඉක්මණට ගහගන්න එපැයි ඡන්දෙට කළින් මොවුන් මේකෙන් යනකොට ඔක්කොම ටික කාලා තමයි තොලොංචි වෙන්නේ, එන මිනිස්සු නන්නත්තාර වෙනවා.

:       2       27

Nimal Monday, 06 May 2024 02:04 PM

වසර කිහිපයක් නිදාගෙන ඉඳලා දැන් පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... වසර පුරා වියදම් කිරීමට ඇති මේ මුදල් ඔක්තෝබර් වලට පෙර කාලා දමන්න වගේ කල්පනාව. හරි, වරෙල්ලකෝ මේවා කරලා ඡන්දෙ ඉල්ලන්න... පිනාධිපතිත් එක්කම...!

:       1       17

ජයනාත් Monday, 06 May 2024 02:27 PM

ඇයි කලබල.. නිම කරපු ඒව⁣ට සල්ලි ගෙවලද... ඡන්දෙ ලඟයි නෙ..

:       1       15

Deepal Nirosh Monday, 06 May 2024 04:17 PM

අරෙහෙන් රජයේ නිලධාරීන්ට චක්‍ර ලේඛන නිකුත් කරන්නේ රාජ්‍ය වියදම් හැකිතාක් සීමා කරන්න කියලා, මෙහෙන් වර්ෂය පුරාවට වියදම් කරන්න වෙන් කරපු මුදල් වර්ෂ මධ්‍ය වෙනකොට කා දමන්න නියෝග කරනවා. පුදුම තදියමක්...

:       1       9

duminda Monday, 06 May 2024 04:18 PM

ඡන්දෙට සල්ලි ඕනෑ. ඉක්මන් කරන්න...

:       1       11

PATTA hora Monday, 06 May 2024 05:51 PM

ආපහු කප්පන් ගන්නද හදිස්සියේම?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site