(අංජුල මහික වීරරත්න)
ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය රහස් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු වාර්තා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමරිකා ඩොලර් පහට ආනයනය කළ හැකිව තිබූ දියර පොහොර බෝතලයක් සඳහා අවස්ථා දෙකකදී ඇමරිකා ඩොලර් 12.5ක් හා ඩොලර් 10ක් බැගින් ගෙවා ඉන්දියා සමාගමකින් ආනයනය කර රජයට රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ සිද්ධිය තමා අමාත්‍ය ධුරය දරන සමයේ සිදුවූ දෙයක් නොවන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි මිලට දියර පෝර ගෙනාවේ මගේ කාලේ නොවෙි
Kazi Shajahan Wednesday, 17 January 2024 04:01 PM
තවම කිව්වේ නැහැ... චීන කුණු පොහොර ගෙනාවේ කවුද කියලා... අමරවීරට කොන්දක් නැහැ... ඒක කියන්න...
ravin Wednesday, 17 January 2024 04:08 PM
වැඩිය සද්ද කරන්න එපා. එම රජ හොරාම තැටිය හොරකමේත් ඉන්නවාලු...!
Nimal Wednesday, 17 January 2024 04:39 PM
මගේ කාලේ හෝ ඔබේ කාලයේ නොවේ... මේ සියලුම අකටයුතු සිදුවුණේ ඔබේ රජය කාලේ... මයිනාත් සමග...
fairoos Wednesday, 17 January 2024 05:33 PM
නන්දසේනගේ කාලේ නේද?
ranjith Wednesday, 17 January 2024 06:33 PM
ඔහෙගේ කාලේ නෙවෙයි නම් වංචාකරපු අයට දඬුවම් කෝ...
sam Thursday, 18 January 2024 01:29 PM
අර අලුත් ගමගේ කියන කිසිම වරදක් කරලා නැති සුද්ධෝදන ගේ කාලෙදී නේද