(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථයක් නුගේගොඩ පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී අද (22) දා සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
සුඛෝප භෝගී මෙම වෙඩි නොවදින මෝටර් රථය 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර 2017 පසුව කිසිදු සේවා කටයුත්තක් සඳහා එම රථය මෙරටට ගෙන්වූ ඩිමෝ සමාගමට ගෙනැවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
නුගේගොඩ පාගොඩ පාරේ පළමුවන පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි අලුත් වැඩියාවක් සඳහා රැගෙන ආ බව පැවසෙන අංක තහඩු නොමැති මෝටර් රථයක් වසා දමා තිබෙනු දැක තිබේ.
පසුව එම රථය විවෘත කොට දොරවල් ඇරීමට යාමේදී අධික බරකින් යුක්ත වීම නිසා සැකසිතී මෝටර් රථය තව දුරටත් පරීක්ෂා කිරීමේදී එය වෙඩි නොවදින රථයක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙඩි නොවදින මෝටර් රථයක් පාගොඩ ගරාජයක
Rata Perata Wednesday, 22 October 2025 09:14 PM
මට නම් හිතෙන්නේ රාජපක්ෂලා අපේ රටේ හිටියා නම් හොඳයි කියලා. මොකද ගෙවල් මතුවෙනවා. මේ කාර් එකත් එහෙම එකද්ද දන්නේ නෑ. අර මහින්ද අතේ තියාගෙන ඉන්න ඇලඩින්ගේ පුදුම පහන වෙන්න බැරිද?
eresh S kumara Thursday, 23 October 2025 09:09 AM
මට මතක විදියට ලක්ෂ්මන් කදිරගාමර් සර් ලඟ තිබ්බේ මේ වගේ එකක්. ඒක විකිණුවා 2000 ගණන්වල. ඒකද දන්නෑ මේ..?
de silva Thursday, 23 October 2025 12:48 PM
ඔය පොලිසියේ ඉන්නේ බබාලාද? ඕකෙ නොම්මර තහඩුව නොමැති නම් චැසි අංකය ඔස්සේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර තොරතුරු සොයාගන්න පොලිසියට විනාඩි කිහිපයක් තුළ පුළුවන්..., එහෙම නොකර පොලිසිය මේ නටන නාඩගම තේරුම් ගන්න බැහැ. අනෙක් කරණය ගරාජ හිමියා... ඔහු දැනගන්න ඕනේ කවුද මේ වාහනේ ගෙනාවේ කියලා... බෙන්ස් S ක්ලාස් එකක් කියන්නේ Wagon -R වගේ හැමතැනම තිබෙන වාහනයක් නොවේ.