IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


වැඩ නිම කළ මාර්ග ව්‍යාපෘති සඳහා කෝටි 1200 හිඟ බිල්

(අජන්ත කුමාර අගලකඩ)

ග්‍රාමීය  මාර්ග හා අවශේෂ  යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වසරටම  වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 990ක පමණ මුදලක් වුවද ඉකුත් වසරේ වැඩ අවසන් කළ ව්‍යාපෘති සඳහා හිඟ බිල් ගෙවීමට පමණක් රුපියල් කෝටි 1200 ක පමණ මුදලක් ගෙවන්නට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන් එම  අමාත්‍යංශය දැඩි අර්බුදයකට මුහුණ දී  ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල  පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සහ  එම  අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත්  දිසානායක මහතා අතර ඉකුත් දා ඇතිවූ මත  ගැටුමට ද මූලික වී ඇත්තේ මෙම අර්බුදය බව දැනගන්නට ඇත .

මේ වසරේ අත්‍යවශ්‍ය කටයුතු  සඳහා මුදල් නිදහස් කරන ලෙස රාජ්‍ය ඇමතිවරයා ලේකම්වරයාට උපදෙස් දී  ඇතත්, මුදල් නිදහස් කළ නොහැකි බව ලේකම්වරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ .

ඉකුත් වසරේ  හිඟ බිල්  වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් ගෙවීමට ද මේ වසරේ මුදල් යොදා ගන්නා ලෙස මහා භාණ්ඩාගාරය උපදෙස් දී ඇති බැවින්, එම මුදල් නිදහස් කළ නොහැකි බව ලේකම්වරයා ඇමතිවරයාට පෙන්වා දී ඇතැයි  එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .



අදහස් (1)

වැඩ නිම කළ මාර්ග ව්‍යාපෘති සඳහා කෝටි 1200 හිඟ බිල්

ravin Saturday, 19 February 2022 01:12 PM

කිසිම මුදලක් ගෙවීම සම්පූර්ණයෙන් අත්හිටුවන්න. පූර්ණ විගණනයකින් පසුව පමණක් ගෙවීම් කරන්න. නැතිනම් යන යකා කොරහත් බිඳගෙන යන්නයි ලෑස්තිවෙන්නේ. ගෙවන්නේ මහජන මුදල් මිසක් අම්මා අප්පාගේ බූදලේ නෙවෙයි...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site