IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙඩි කා ගෙන දුව ගොස් පාළු නිවෙසක සැඟවිලා

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඌරගස්මංහන්දිය හබුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකටද ලක්ව පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගිය වරෙන්තුකරුවා තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා නියෝග කළේය.

සැකකරු පොලිසිය සමග පොරබැදීමේදී පොලිස් නිලධාරියකු තැබූ වෙඩි පහරින් සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර සැකකරු මේ වනවිට බන්ධනාගාර නිලධාරියකුගේ රැකවරණ යටතේ ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම සැකකරු පොලිස් වෙඩිපහර කාගෙන පලාගොස් තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ හබුරුගල තුඩුව බාලප්පුවත්ත ලිපිනයේ පදිංචි ජයසිංහලාගේ දුමින්ද සම්පත් නැමැති 36 හැවිරිදි අයෙකි.

මොහු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මහාධිකරණයේ,වරෙන්තු තුනක් ලබා සිටි අයකු බවද පොලිසිය කියයි.

 

 



අදහස් (0)

වෙඩි කා ගෙන දුව ගොස් පාළු නිවෙසක සැඟවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site