IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව මිලියන 2.7ක් පමණ වේ. වර්ෂ 2052 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනය 24.8% දක්වා ඉහළ යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පුරෝක නය කර ඇත. 

එබැවින්, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ "ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් - අර්ථවත් විශ්‍රාම දිවියක්" යන අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි වයස්ගත වන වැඩිහිටියන්ට සමාජමය, ආර්ථිකමය, ශාරීරික සහ අධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම කෙරෙහි රජය විශේෂ අවධානය යොමු කර තිබේ. 

ඒ සඳහා 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site