(මනෝප්‍රිය ගුණසේකර)
නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කිරීම අත්හිටුවන්නැයි එම රෝහල වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට මෙන්ම ජාතික ඖධෂ නියාමන අධිකාරියටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළය”
නියමිත නඩු දිනයට පෙර පැමිණීල්ල හෝ අගතියට පත් පාර්ශවය නොමැති දිනයක මෝෂමක් මාර්ගයෙන් ආයතනයේ නියෝජිතයකු අධිකරණය ඉදිරිපත් වු අවස්ථාවේදී වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය නෛතික දෝෂ සහිත බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය යුක්තිය ඉෂ්ඨවීම පිණීස සහ ඒකපාර්ශවීය නොවු තීන්දුවක් දීම සඳහා නොතිසි නිකුත් කිරීමට තම අධිකරණයට අභිමතානුසාරි බලයක් ඇති බවද අවධාරණය කළාය”
බලයලත් නියෝජිතවරයකු වන කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තාට බලය දී ඇත්තේ රෝහල වෙනුවෙන් පෙනී සිටීමට මිස එහි අධ්‍යක්‍ෂවරුන් පෙනී සිටීමට නොවන බව අවධාරණය කරමින් මීට පෙර දිනයක ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන් 10 දෙනාට යළිත් වරක් නොතිසි නිකුත් කිරීම අභියෝගයට ලක් කර නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් මහෙස්ත්‍රාත්වරිය එසේ අවධාරණය කළාය
ඒ අනුව මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී” අශෝක පතිරගේ” අන්තූර් නාන්ද් තදානි” මංජුල කරුණාරත්න” සුදර්ශන් අහංගම” හැරිස් ප්‍රේමරත්න” සිවකුමාර් සෙල්ලයියා” හරේෂ් කුමාර් කයිමාල්” අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී”ඩී” සඳතිසරු නමැත්තන්ටය”
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන්ට නොතීසි