IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැඩිමිලට විකුණන්න ගිය ඩීසල් ලීටර් 13200ක් මාට්ටු

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ බලපත්‍රයක් සකසා  පෞද්ගලික කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 13200 ක් රැගත් බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

එම ඩීසල් තොගය ලීටරයක විකුණුම් මිලට වඩා රුපියල් 30 ක් වැඩිපුර අලෙවි කිරීම සදහා කටයුතු යොදා තිබූ බවද පොලිසිය කීය.

ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයෙන් එම ප්‍රදේශයේම ඉන්ධන හලකට ඩීසල් රැගෙන යාමට බලපත්‍රයක් සකසා තිබූ අතර,බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්තය ශාලාවකට ලීටරයක් රුපියල් 460 බැගින් අලෙවි කිරීමට ව්‍යාජ බලපත්‍රයක් සකසා තිබූ බවද පොලිසිය කීය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව මෙන්ම රජයද අපහසුතාවයකට පත්වන බැව් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්සංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම අලුයම පරගස්තොට ප්‍රදේශයේ රැකසිට වැටලීම කර තිබේ.

 



අදහස් (0)

වැඩිමිලට විකුණන්න ගිය ඩීසල් ලීටර් 13200ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site