IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝගයේ දොස් කියන්න නීතිපතිට කල් දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ කරුණු අධිකරණයට දැනුම් දීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නීතීපතිවරයාට කල් දුන්නාය.

නඩුවකදී කටයුතු කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් එසේ නොමතිව කටයුතු කළ නොහැකි බවත් අවධාරණය කරමින් මේ පිළිබඳ කරුණු දැක්වීමට මහෙස්ත්‍රාත්වරිය නීතීපතිවරයාට කල් දුන්නාය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ කරුණු අධිකරණයට දැනුම් දීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නීතීපතිවරයාට කල් දුන්නාය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුව සම්බන්ධයෙන් වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ කරුණු දැක්වීමට අවස්ථාවක් දෙන්නැයි නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස කල් දුන්නාය.

මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී” අශෝක පතිරගේ” අන්තූර් නාන්ද් තදානි” මංජුල කරුණාරත්න” සුදර්ශන් අහංගම” හැරිස් ප්‍රේමරත්න” සිවකුමාර් සෙල්ලයියා” හරේෂ් කුමාර් කයිමාල්” අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී”ඩී” සඳතිසරු නමැත්තන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබීය.


නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී”


2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණී”


 

 



අදහස් (0)

වැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝගයේ දොස් කියන්න නීතිපතිට කල් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site