(මහින්ද නිශ්ශංක)

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා ප්‍රකාශ කිරීමට විරෝධය දක්වා වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට  සංගමයේ විධායක සභාව තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

වර්ජනය සියයට 90 කට වැඩියෙන් සාර්ථක බව පැවසූ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පෙරවරුවේ දුම්රිය බලධාරීන්ට ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය 12 ක් පමණ බවද පැවසීය.

ඡායා ශාන්ත රත්නායක