
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැල්ලම්පිටිය මීතොටමුල්ල වඩු ගොඩවත්ත ප්‍රදේශයේ නිවසක නීති විරෝධීමත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට බල්ලන් ලිහා දමා සපා කෑමට සලස්වා පහරදී තුවාල සිදුකල සැකකරු වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එම සිද්ධියෙන් තුවාල ලද පොලිස් සැරයන්වරයකු හා සැකකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
නීති විරෝධී මත්පැන් ජාවාරමක් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මීතොටමුල්ල වඩුගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීම සඳහා යාමේදී එම ලිපිනයේ පදිංචි සැකකරු පොලිස් නිලධාරීන්ට නිවස තුළට ඇතුල්වීමට ඉඩ නොදී බල්ලා ලියා දමා සපා කෑමට සලස්වා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා සිය රාජකාරී ගිණි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර සැකකරුගේ දකුණු පාදයේ යටිපතුලට වෙඩි වැදී තුවාල සිදුවී ඇත.
සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩිතියා සැකකරු මෙල්ල කරයි
රාළහාමි Friday, 21 June 2024 12:56 PM
පණ බේරුනා කියලා සතුටු වෙයන්. පොලිසියෙන් වෙඩි තියලා තියෙන්නේ... කකුලට වෙඩි තියනකන් රාළහාමිලා දෙන්නෙක්වත් උගෙන් අල්ලන් ඉන්න ඇති. දැඟලුවානම් වරදිනවනේ ඉලක්කේ.