IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය කියයි

කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ  පදිංචි ගමගේ සනත් රුවන් නැමැති  වැල්ලේ සුරංග ගේ සහෝදරයා  බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අලුත් කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී  වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී  වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් වම් පසින් ත්‍රී රෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු  ටී 56 ගිනි අවිය එල්ල කිරීමත් සමඟම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය   අත්හැර දමා පලා යාමත් සමගම එහි පිටුපස ගමන්ගත් වැල්ලේ සුරංග ගේ සහෝදරයා ද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිව යාමත් සමග වෙඩික්කරු  අත දරා සිටි ටී 56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

වෙඩි ප්‍රහාර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය

කොටහේන  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි ජේ ආර් එස් නිශාන්ත  කුමාර  මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් පි ලිහිනිය කුල මහතා පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site