IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වජිරාරාම සියවස් සමරු ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වේ‍

(ඩයනා උදයංගනී)

              බම්බලපිටිය සිරි වරිරාරාම විහාරස්ථ සිරි වරිරාරාම දහම් පාසලේ සියවස් සමරුව නිමිත්තෙන් සංවිධානය කළ ‘විදරු විදස්න’ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) විවෘත කෙරිණි.

මෙම ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 19කින් සමන්විත අතර, ‘ලක් බුදු සසුනේ ඉතිහාසය හා දෑ විරු හරසර’, ‘සිරි වජිරාරාම ඉතිහාසය හා වජිරාරාම සම්ප්‍රදාය, ශ්‍රී සර්වඥ ධාතු පූජෝපහාරය’, ‘සිරි වජිරාරාම පොත්ගුල’, ’වේරගම්පිට සිරි රේවත මා හිමි/ පැළෑනේ නා හිමි සේවාවලෝකනය’, ‘සිරිලක දහම් පාසල් ඉතිහාසය සහ සිරි වජිරාරාම දහම් පාසල’, ‘සිරි වජිරාරාම දහම් පාසල් ඇසි දිසි මෙහෙවර’, ‘අතිපූජ්‍ය මඩිහේ මහ නා හිමි සේවාවලෝකනය’, ‘අතිපූජ්‍ය නාරද මාහිමි සේවාවලෝකනය’, ‘අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මා හිමි සේවාවලෝකනය’, ‘පැළෑනේ සිරි වජිරඤාණ මහ නා හිමි සිසු මඩල’, ‘මතින් තොර ශ්‍රී ලංකාවක්’, ‘පුත්තා වත්ථු මනුස්සානං’, ‘සුව සරු අහර පිළිවෙත’, ‘උරුමයක අරුමය’, ‘අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි සේවාවලෝකනය’, ‘රටට පිහිට හොඳ දරුවෝ’, ‘අලෙවි කුටිය’ යනුවෙන් එම ප්‍රදර්ශන කුටි නම් කරනු ලැබ තිබිණි.

මහින්දාගමනයේ සිට මේ දක්වා බුදු සුසනේ ව්‍යාප්තිය, රටට පැමිණි විවිධ ආක්‍රමණවලදී දිවි පිදූ ජාතික වීරවරයින් හා රණවිරුවන් පිළිබඳව, වජිරාරාමයේ වැඩ විසූ නායක හිමිපාණන් වහන්සේලා හා උන් වහන්සේලාගෙන් සිදුවූ ශාසනික හා ජාතික මෙහෙවර, සිරි වජිරාරාම දහම් පාසලේ ඉතිහාසය ආදී තොරතුරු රැසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබිණි.

එමෙන්ම නීලගිරි සෑයෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු ධාතූන් වහන්සේලා ද මෙහි එක් කුටියක වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කර තිබිණි.

ප්‍රදර්ශනයේ තෙවැනි දිනයේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සෑම ප්‍රදර්ශන කුටියක්ම පාහේ නරඹන්නට එක්විය.

ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන විවිධ කලා අංගයන් මගින් ප්‍රදර්ශනය වර්ණවත් කෙරිණි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (4)

වජිරාරාම සියවස් සමරු ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වේ‍

රුවන් Sunday, 31 March 2019 01:13 PM

දේශපාලකයන් මෙතනට ආවේ නැත්නම් කෙතරම් ලස්සනද?

:       1       402

RaveendraSunday, 31 March 2019 03:44 PM

ඇත්තෙන්ම නිවැරදි අදහසක්...

:       0       203

nihalSunday, 31 March 2019 04:17 PM

එපමණක් නොවේ... දූෂිත වෘත්තිය සමිති නායකයෝ..!

:       2       167

Dayal Monday, 01 April 2019 08:33 AM

විවෘත කරනවා හැර මෙයාට වෙන වැඩක් නැහැ.

:       0       163

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 89 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 782 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site