IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වජිරගෙන් රනිල්ට සහතිකයක්

 

(අංජුල මහික වීරරත්න)

රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ලෝක නායකයින්ගෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා බවද ඇමරිකාවේ ජනාධිපති ,එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව සඳහන් කළේය.

ඉතිහාසය පුරාම ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට නැවත නගා සිටුවන අභියෝගය බාරගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් එතුමා මේ මොහොතේත් වැටුණු රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඒ සඳහා සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බව එජාප සභාපතිවරයා කීය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ බලපිටිය සහ රජ්ගම මැතිවරණ කොට්ඨාශවල එජාප බලමණ්ඩල රැස්වීම් අමතමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට ඇවිත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනියන සෑම අවස්ථාවකම කකුලෙන් ඇද්ද බවද අවසානේදී එයින් වන්දි ගෙවන්න වුණේ රටේ මහජනතාවට බවත් අබෙිවර්ධන මහතා පැවසීය.

මෙි වනවිට එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් පවත්වමින් පක්ෂය ප්‍රතිසංස්කරණය කරමින් යන බවද ඉන් අනතුරුව පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන බවද කී එජාප සභාපතිවරයා පැරණි දේශපාලන සංස්කෘතියෙන් රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න නොහැකි බව කීය.

 



අදහස් (16)

වජිරගෙන් රනිල්ට සහතිකයක්

addin Tuesday, 20 June 2023 10:55 PM

මුට හොදටම පිස්සු ....

:       4       26

Bamunuarachchi Tuesday, 20 June 2023 11:06 PM

ඇයි රටේ ජනතාව? අපිට රනිල් ලොකුත් නැහැ වජිර ලොකුත් නැහැ. අපිට මොන කෙහෙල්මලකටද ඕගොල්ලෝ. විකාර දොඩෝනවා.

:       3       22

Chaminda Tuesday, 20 June 2023 11:22 PM

පුළුවන් නම් රටවලින් ගත්ත ණය ගෙවන ගමන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියන්න කෝ. දැන් රට තියෙන්නේ අපායේ Interval වගේ. සියලුම ණය ගෙවීම් නවත්වලා නිසා වැඩ දානවා.

:       4       20

Dayan Herath Mudalige Wednesday, 21 June 2023 03:00 AM

මේවට කොහෙන් හිනාවෙන්නද කියලා තේරෙන් නෑ

:       2       22

Channa Wednesday, 21 June 2023 06:13 AM

ලොවක් අදහන මෙවන් ශ්‍රේෂ්ඨ නායකයකු ලද ශ්‍රී ලන්කා මාතාව කොපමන වාසනවන්ත ද?

:       9       10

aseWednesday, 21 June 2023 11:37 AM

බන්කොලොත් බවට වග කිය කෙනෙක් කෙසේද රටේ වාසනාවක් වෙන්නේ ? සිතා බලා ලියන්න, ලියන පලියට ලියන්න එපා .

:       2       9

chandima Wednesday, 21 June 2023 06:59 AM

රට හොඳට තියෙද්දී බලයට එන්න බැරි උනා .පූරුවේ කරුමයක් පලදීලා.රට වැටිලා මඩේ එරුනම ඒකට කරගහන්න උන පූරුවේ කර්මයක් පලදීලා.පින් කරපු උදවිය රට ශශ්‍රීකව තියෙද්දී ඒ ධනය භුක්ති විඳලා අද පැත්තකට වෙලා බලන් ඉන්නවා ආයෙත් රට ගොඩ අරන් එයාලට භාර දෙනකල්

:       7       5

AnuraWednesday, 21 June 2023 11:55 AM

අනේ ඉතින් චන්දිම , රට වට්ටුවෙත් ඔය උන්දල ම තමයි ,යහපාලන කාලේ ඇදගෙන ගියේම ණය වලින් ,ණය නැති උනහම රට බංකොලොත් උනා

:       2       1

සල්ලි Wednesday, 21 June 2023 07:10 AM

අපි නම් අහලා තියෙන්නේ රනිල් මහින්දගේ බොක්කය, එයාලා එයාලාගෙ පංතිය පරිස්සම් කර ගන්න ගේම් ගහනවා කියාය.

:       1       15

ලුම්බිණි Wednesday, 21 June 2023 07:20 AM

ඇමරිකාවේ ජනාධිපති ,එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව නිසා තමයි හැමදාම පරාද උනේ.

:       1       16

C.K.lankaputhra Wednesday, 21 June 2023 09:04 AM

ඔය ගොන් ටෝක්ස් හොදයි බල මන්ඩල ගව පට්ටි වලට. චන්දෙ ආවම කතිරය ගහන්නෙ සුදුස්සාට මිසක් ඔය ගොන් ටෝක්ස් වලට නෙවෙයි .

:       1       17

susantha Wednesday, 21 June 2023 09:39 AM

යැයි යැයි යැයි තමයි...ලොක්කගෙ පම්පෝරිය කියවන්න විතරයි මේ උන්දැලට පුළුවන් .ඡන්දෙන් මේ අයව පරාද කරල ගෙදර යැව්වෙ මිනිස්සුන්ට කරපු දේවල් වල තරම නිසා තමයි.දැන් පිනට පාර්ලිමේන්තුවට රිංගන් බෙරිහන් දෙනවා

:       2       11

Karunarathna Wednesday, 21 June 2023 11:15 AM

අමු කැවිලාද? කිව්වොත් ඉතින් අයේ අමු ගව කතාවක් තමයි.

:       1       14

de silva Wednesday, 21 June 2023 03:27 PM

මෙ දෙන්නගෙම මනාප එකතුකරත් පර්මේන්තු යන්න බැහැ , පොහොට්ටුවට පින්සිද්ධ වෙන්න මුන්ට මෙ විකාර කතා කිය කිය ගොන් ආතල් ගන්න පුලුවන්

:       1       5

පූසා Wednesday, 21 June 2023 07:37 PM

දී කිරට බළල්ලුත් සාක්ෂිලු

:       0       1

Dasa P Wednesday, 21 June 2023 09:41 PM

හිඟන්නන්ට සහ ජෝකර් ලට උස් හඬින් කතා කිරීම ලෝක නායකයින්ට තරම් නොවේ.එයයි හේතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site