IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විජය රාජා හස්තියා ජාතියට අහිමිවේද?

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද  නැදුම්ගමුවේ  විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැනීම මත  සංරක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන්  හස්ති චර්මයේ  ගුණාත්මකභාවය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම හස්තියා ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 2022 වසරේ මාර්තු 7 වැනිදාය.

හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා ශ්‍රී දළදා මාළිගාව විසින් රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක්ද කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ තුනකට ආසන්න මුදලක්ද වැය කරනු ලැබ  තිබූ  බව පවසන විගණන කාර්යාලය මෙයට අමතරව ශ්‍රී දළදා මාලිගාව දෙපාර්තමේන්තු වියදම් සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද දී තිබූ බව  සඳහන් කරයි.

හස්තියාගේ මෘත දේහයෙන්  ඉවත් කළ චර්මය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අධිශීතකරණයක තැන්පත් කර සංරක්ෂණ කටයුතු සඳහා හස්තියා තිර කිරීමට සුදුසු ස්ථානයක් කඩිනමින් තෝරා නොගැනීම හේතුවෙන්  සංරක්ෂණ කටයුතු මෙසේ ප්‍රමාදවී ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.

මෙම විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වන කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසන්නේ හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා සුදුසු  ස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ ලක්සල ආයතනයට බදු පදනම මත ලබා දී ඇති ගොඩනැගිල්ල බවයි.

මේ අනුව  එම ආයතනයට භාණ්ඩ ඉවත් කර ගැනීමට දැනුම්දී ඇති හෙයින්  එම භාණ්ඩ ඉවත් කර ගත් වහාම සංරක්ෂණ කටයුතු අරඹන බව එම  ප්‍රධානීහු පෙන්වා දෙති.

මේ අතර  මෙම හස්තියා ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජාතික විගණන කාර්යාලය කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.



අදහස් (0)

විජය රාජා හස්තියා ජාතියට අහිමිවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site