
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයට එරෙහිව විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (14) තීරණය කළේය.
සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවන් වන ගිහාන් කුලතුංග කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ලබා දුන්නේය.
විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරුන්වන රොමේෂ් ද සිල්වා,කුවේර ද සොයිසා සහ වගඋත්තරකාර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඡන්දක ජයසුන්දර,නීතිඥ සහීඩාභාරි,හා නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරුන් දීර්ඝ ලෙස ඉදිරිපත් කළ සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීරණය කරමින් මෙම නියෝගය නිකුත් කළ අතර අභියාචන විභාගය ලබන 26 වැනි දින නියම කළේය
අභියාචනය විභාගයට ගැනීමට තීරණය කළද කොළඹ දිසා අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අභියාචන පෙත්සම් විභාගය බාධාවක් නොවන බවද විනිසුරු මඩුල්ල දන්වා සිටියේය.
නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කිරීම වළක්වමින් දිසා අධිකරණය මගින් ලබාගත් වාරණ නියෝග තුනට එරෙහිව ද අභියාචන පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචන පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීමද ලබන 26වෙනි දින සිදුකරන බව විනිසුරු මඩුල්ල දන්වා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජයදාසගෙන් තවත් පෙත්සම් තුනක්